දැරියගේ මරණය සොයන්න කොළඹින් ගිය පොලිසිය පරීක්ෂණ අරඹයි

1041

හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් මියගිය 16 හැවිරිදි ඉෂාලිනි ජූඞ් දැරිය කොළඹට රැුගෙන ගිය තැරැුව්කරුගේ පවුලේ සාමාජිකයන්ගෙන් සහ එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි තවත් කාන්තාවන් කිහිපදෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කර

ගැනීම ඊයේ (27දා* දවස පුරා ඩයගම වතුයායේදී සිදු කෙරිණි.

ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂිකා වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ප‍්‍රකාශ සටහන් කරගනු ලැබූහ.

මියගිය දැරිය මිහිදන් කළ එම වතුයායේ පොදු සුසාන භූමියට දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදවා තිබූ අතර අධිකරණ නියෝගයක් අනුව එම මෘත දේහය ඊයේ ගොඩ ගනීවි යැයි සිතා ඩයගම අවට වතු කම්කරුවන් විශාල පිරිසක් එම සුසාන භූමිය අසල රැුඳී සිටි අයුරු දක්නට ලැබුණි.

නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ උසස් නිලධාරියකු කියා සිටියේ මිහිදන් කළ සිරුරක් අධිකරණ නියෝගයක් මත ගොඩගැනීමේදී අනුගමනය කළ යුතු නීති මාලාවක් ඇති බවත් එම නීති මාලාවට අනුව ඉදිරි දින කිහිපය තුළදී ඉෂාලිනිගේ සිරුර ගොඩගෙන යළිත් පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා යොමු කිරීමට නියමිත බවත්ය.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment