දැරියට අතවර කළ ලොක්කා රක්ෂිත බන්ධනාගාරයට

1099

වයස අවුරුදු 16 ක දැරියකට නිවෙස තුළදී ලිංගික අතවර කරන ලැදැයි සැක පිට අධිකරණයට ඉදිරිපත් කළ අයකු රක්ෂිත බන්ධනාගාර ගත කරණ ලෙස කළුතර වැඩ බලන මහේස්ත‍්‍රාත් බන්ධුල වීරසිංහ මහතා නියම කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරණ ලෙස නියම වූයේ දර්ගා නගරයේ, නාතන්දලගොඩ පදිංචි මහප්පු ලොක්කා නම් වූ අයටය. ඇඟලූම් සේවිකාවක වූ දැරියගේ

මව සේවය නිම කොට එන විට ආහාර පිළියෙළ කර තැබීමට දැරිය මුළුතැන්ගෙට ගොස් සිටියදී අසල්වැසි සැකකරු අතවර කර ඇති බව පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණි.

අළුත්ගම පොලිසියේ උප පොලිස් පරීක්ෂක සොයිසා මහතා විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

කළුතර – විශේෂ

advertistmentadvertistment
advertistmentadvertistment