දැරියට  අතවර කළ  සැරයන් රිමාන්ඩ්

229

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින තම දියණියට ලිංගික අතවර කිරීමේ චෝදනාවට ගම්පොළ පොලිස් කොට්ඨාසයට අයත් පොලිසියක සේවය කරන සාජන්වරයා අද (24දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පොළ මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා නියෝග කළේය.

ඔහු ගම්පොළ ප්‍රදේශයේ වැවතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පැවැත්වූ ගම්පොළ පොලිසිය අනාවරණය කර ඇත්තේ නිවසේ තනිව සිටි දියණියගේ කාමරේට රාත්‍රී කාලයේ ගිය මොහු මෙම ලිංගික අතවරය සිදුකර ඇති බවයි.

සැකකරු බිරිඳ සමග ඇති පවුල් ආරවුලක් මත ඇය ඇගේ අම්පාර ප්‍රදේශයේ පිහිටි මහ ගෙදරට ගොස් සිටියදී මෙම සිද්ධිය ඇති වී තිබෙන බවද අනාවරණය වී ඇති අතර සිද්ධිය පිළිබඳව පොලිසිය වෙත මෙසේ පැමිණිලි ලැබී තිබුණි.

වසර 35ක පමණ පොලිස් සේවා කාලයක් ඇති මෙම සැකකරුගේ දිගින් දිගටම පැවති පවුල් ආරවුල් නිසා ඔහු යළි අම්පාර ප්‍රදේශයට මාරු කිරීමට සූදානමින් සිටියදී මෙම චෝදනාවට හසුව තිබේ.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment