දැරියට නිරුවත පෙන්වූ එක්දරු පියාට ඇප

289

වැඩිමහල් සොහොයුරියගේ නිවසට ගිය නංගිට පහරදී නිරුවත පෙන්වා අතවර කළ පැමිණිලිකාරියගේ සොහොයුරියගේ සැමියාව (මස්සිනා) රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත මුදාහරින ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා නියම කළේය.

මිනුවන්ගොඩ, උන්නාරුව ප‍්‍රදේශයේ පදිංචි එක්දරු පියකුට මෙසේ ඇප නියම කෙරිණි.

අවුරුදු 15ක් වූ වින්දිත දැරිය තවත් කාන්තාවක් සමග ඇයගේ සොහොයුරියගේ නිවසට ගිය අවස්ථාවේ එසේ පහරදී සැකකරු ඇඳ සිටි කලිසම ගලවා නිරුවත පෙන්වා ඇති බවත් ඒ සම්බන්ධයෙන් සාක්‍ෂි සටහන් කරගෙන ඇති බවත් පැමිණිල්ල මෙහෙයවමින් සැරයන් සුදත් නන්දසිරි (38098) අධිකරණය හමුවේ පැවසීය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක
 

advertistmentadvertistment
advertistmentadvertistment