දැරියට යුක්තිය ඉල්ලා වතුකම්කරුවෝ උද්ඝෝෂණ… දමිළ ප‍්‍රගතිශිලි සන්ධානයෙන් අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක්

203

හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්ඞීන් මහතාගේ කොළඹ බොරැුල්ල නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් මියගිය 16 හැවිරිදි බාල වයස්කාර දැරිය සම්බන්ධයෙන් පොලිසිය විසින් පවත්වන පරීක්ෂණ විධිමත් කරන ලෙස බලකරමින් දමිළ ප‍්‍රගතිශිලි සන්ධානය ඊයේ (21 දා* දින හැටන් නගර මධ්‍යයේදී උද්ඝෝෂණයක නිරත විය.
 
 දමිළ ප‍්‍රගතිශිලි සන්ධානයේ උප සභාපති සහ නුවරඑළිය දිස්ත‍්‍රික් ජාතික සමගි ජන බලවේගයේ පා.ම. පලනි දිගම්බරම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
 
 දමිළ ප‍්‍රගතිශිලි සන්ධානය විසින් පැවැත් වු උද්ඝෝෂණයට නුවරඑළිය දිස්ත‍්‍රික් ජාතික සමගි ජන බලවේගයේ පා.ම. එස්. උදයකුමාර් මහතා සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ දමිළ ප‍්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරන පළාත් පාලන ආයතනවල මන්ත‍්‍රීවරුන් සහ ආධාරකරුවන් විශාල පිරිසක් සහභාගි වි සිටියහ.
 
 මෙම උද්ඝෝෂණයේදී අදහස් දැක් වූ දමිළ ප‍්‍රගතිශිලි සන්ධානයේ උප සභාපති සහ නුවරඑලිය දිස්ත‍්‍රික් පා. ම. පලනි දිගම්බරම් මහතා කියා සිටියේ බාල වයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යෙදවීම වරදක් බවත්, එවන් දැරියක් අපයෝජනය කිරීමද දැඩි සේ හෙළා දකින බවයි.
 
 මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොරැුල්ල පොලිසිය විසින් සිදු කරන පරීක්ෂණ සම්බන්ධයෙන් තමන් සැහීමකට පත් නොවන නිසා දමිළ ප‍්‍රගතශීලි සන්ධානය අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් කළ බවයි.
 
 තවද වතු ආශ‍්‍රිත ප‍්‍රදේශවල තම දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීමට කටයුතු නොකරන ලෙස ඉල්ලා සිටින පලනි දිගම්බරම් මහතා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ බාල වයස්කාර දැරිය මෙහෙකාර සේවයේ යොදාගත් අයගේ තරාතිරම නොබලා නීතිය තදින්ම ක‍්‍රියාත්මක කරන ලෙසයි.

නුවරඑළිය – නාලක රත්නායක, හැටන් –  මනුර සුදත් සෙල්ලහේවා,  මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment