දැරියන් දෙදෙනා කෙළෙසූ සුළු පියාට වසර 90 ක බර වැඩ සහිත සිර දඬුවම්…. 36 වියේ සිටි අපරාධකරුට දඬුවම් ලැබෙන විට වයස 61යි

446

බාල වයස්කාර දැරිවියන් දෙදෙ‍නෙකු වරින්වර බරපතළ ලෙස ලිංගික අපයෝජනයට  ලක් කළ වින්දිත දැරියන්ගේ සුළු පියා සියලූ‍ චෝදනාවලට වරදකරු කරමින් අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ පූර්වගාමි විනිසුරු ආචාර්ය සුමුදු පේ‍‍්‍රමචන්ද්‍ර මහතා විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර අනූවක (90* සිර දඩුවමක් නියම කළේය.
 
 වයය අවුරුදු පහළොව(15* සහ දොළහ(12*යන වයස්වල පසුවූ බාල වයස්කාර අක්කා නගෝ දෙදෙනකු (02* වරින්වර බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව චෝදනා හයක් යටතේ වෙන් වෙන්ව මහාධිකරණයේ හමුවේ නඩු පැවරුණු අතර සියලූ‍ චෝදනාවට වරදකරු කරමින් වසර විසි පහකට(25* පසුව ඊයේ එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කෙරිණ.
 
 මෙහිදි එක් අධි චෝදනාවකට වසර පහළොව (15* බැගින් අධිචෝදනා 6ට වසර අනූවක(90* බරපතල වැඩ සහිත සිර දඩුවම නියම කෙරිණි. මීට අමතරව එක් අධි චෝදනාවකට රුපියල් 10000 බැගින් අධිචෝදනා හයට රුපියල් 60000ක දඩයක් ගෙවන ලෙසත් එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසරක ලිහිල් සිර දඩුවමක්ද නියම කළේය.
 
 එසේම වින්දිත දැරියන්ට මුදලින් රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ගෙවන ලෙසත් එම වන්දි මුදල නොගෙවන්නේ නම් විත්තිකරු තවත් වසර දෙකක සිර දඩුවමකටද යටත් කළේය. විත්තිකරු සමාජගතව සිට අධිකරණයට පැමිණ ඇති බැවින් ඔහු දින 14 ක කාලයක් නිරෝධායනය කර සිර ගත කරන ලෙසද විනිසුරුවරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
 
 මෙලෙස දඩුවම් නියම වූයේ ගල්කිරියාගම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකු හට වන අතර අපරාධය සිදු කරන අවස්ථාවේ විත්තිකරු 36 වන වියෙහි පසුවූ අතර නඩුවේ තීන්දුව ප‍‍්‍රකාශයට පත් කරන අවස්ථාව වන විට ඔහුගේ වයස අවුරුදු 61ක් වේ. විත්තිකරුගේ අතවරවලට ගොදුරු වී ඇති එක් වින්දිත දැරියක් නීති ක්ෂෙත‍්‍රයෙන් උසස් අධ්‍යාපනය ලබා නීති වෘත්තියේ යෙදී සිටින බව අධිකරණයේදී සඳහන් විය.

නොච්චියාගම – එම්.එම්.පී.ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment