දැරියන් දෙදෙනෙකු ගැන බණ්ඩාරවෙලින් ඇසෙන යළිත් නෑසිය යුතු කතාවක්…

1652

දෙමව්පියනි වරක් නොව දස දහස් වාරයක දූවරුන් ගැන විමසිලිමත් වන්න

නුවන් අසංක බණ්ඩාරවෙල වැවතැන්න ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. වයස අවුරුදු 41 කි. විවාහකයෙකි. දෙදරු පියෙකි. බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සභාවේ විදුලි කාර්මික අංශයට අනුයුක්තව මොහු සේවය කරයි. රැකියාවට අමතරව පාසල් බස් රථ රියැදුරකු ලෙස ද මොහු කටයුතු කරයි. ඒ ඔහුටම අයත් බස් රථයකයි.

ප‍්‍රදේශය තුළ ජනප‍්‍රිය වුවත් මොහුගේ චරිතය එතරම් හොඳ එකක් නොවුණි. ඒ කාන්තා ඇසුරට මොහු දැඩි කැමැත්තක් දක්වන නිසාය. තම බිරිඳ සහ දරුවන් ගැනවත් නොසිතා මොහු සල්ලාල ජීවිතයක් ගත කිරීමට පුරුදු වී සිටියේය. ප‍්‍රදේශයේ සමහරු මොහු නිවස තුළට ගැනීමටවත් කැමැති වූයේ නැත. ඒ ඔහුගේ තරම හොඳින්ම දන්නා නිසාය. වසර දහයකට පමණ පෙර දවසක් මොහු තම මවගේ සහෝදරයා එනම් මාමාගේ නිවසට ගියේය. එම නිවසේ සිටියේ වයස අවුරුදු හතරක සහ නමයක කුඩා ගැහැනු ළමුන් දෙදෙනෙකි. එම කුඩා ළමුන් දෙදෙනා දුටු මෙම තිරිසන් මිනිසාගේ කාමාශාව ඇවිස්සුණි. ඉන්පසු ඔහු නිතරම එම නිවසට පැමිණීමට පටන් ගත්තේය. ඒ එම දියණියන් දෙදෙනා ගැන පහත් ආශාවක් යටි සිතේ තබා ගෙනයි. නුවන්ගේ චරිතය ගැන එම නිවසියන්ද වටින් ගොඩින් දැන සිටියහ. එක කුස උපන් සහෝදරියගේ පුතාගෙන් තමන්ගේ දරුවන්ට කරදරයක් වේවි යැයි ඔවුහු කිසිදිනක නොසිතූහ. එමනිසා ඔහු නිතර දෙවේලේ නිවසට පැමිණෙනවාට ඔවුන්ගෙන් විරුද්ධත්වයක් නොතිබුණි.

දිනක් එම දැරියන්ගේ පියා ඔහුට මෙලෙස පැවසුවේය.‘‘පුතේ නැන්දයි මමයි ගමනක් යනවා. එන්න ටිකක් පරක්කු වෙනවා. ඔයාට පුළුවන්ද නංගිලා දෙන්නා බලාගන්න.”

‘‘අයියෝ ඕක මොකක්ද, මාමලා යන ගමන ගිහින් එන්න. එතකම් නංගිලා දෙන්නව මම හොඳින් බලාගන්නම්.”

නොසිතූ මොහොතක එම කාමාතුරයාට ලැබුණේ අනගි අවස්ථාවකි.

‘‘තවත් ප‍්‍රමාද වෙන්න හොඳ නැහැ. මගේ හිතේ තියෙන ආශාවන් අද හොඳ හැටි ඉටු කර ගන්න ඕනා.”

එලෙස සිතූ මෙම තිරිසනා අවුරුදු හතරක් සහ නමයක් වයසැති එම කුඩා දැරියන් දෙදෙනාට තම ජංගම දුරකථනයේ තිබූ අසභ්‍ය වීඩියෝ පටයක් පෙන්නුවේය. කුඩා දැරියට එම වීඩියෝ පටය පිළිබඳ කිසිදු අවබෝධයක් නොතිබුණි. වයස අවුරුදු නමයේ දැරිය කුතුහලයකින් යුතුව එම වීඩියෝ පටය නැරඹුවාය. එහෙත් ඇයට වැඩිහිටියන් නිරුවතින් සිදුකරන්නේ කුමක්ද කියා තේරුම් ගැනීමට නොහැකි වූවාය. වීඩියෝ පටය පෙන්වන ගමන් එම තිරිසන් මිනිසා තම කාම ආශාවන් කිසිදෙයක් නොදන්නා කුඩා දරුවන් දෙදෙනාගෙන් සංසිඳුවා ගත්තේය. එතැන් පටන් විටින් විට මෙම තිරිසන් මිනිසා අවස්ථා ගණනාවකදීම එම දැරියන් දෙදෙනාව එලෙස ලිංගික අපයෝජනයට ලක් කළේය. කිසිත් නොදත් එම දැරියන් දෙදෙනා ඔහුගේ ලිංගික අඩන්තේට්ටම් ඉවසාගෙන සිටියාය. පසුකාලීනව වුවද කුඩා දැරියන් දෙදෙනා තමන්ට සිදුවන ලිංගික අඩන්තේට්ටම් පිළිබඳව දෙමව්පියන්ට පැවසුවේ නැත. ඒ ඔවුන් දෙදෙනාව මෙම තිරිසන් මිනිසා බිය කර තිබූ නිසාය. කාලය එලෙස ගෙවී ගියේය. එම දැරියන් ලොකු මහත් විය. දැන් වැඩිමහල් දැරියට අවුරුදු දහනමයක් වන අතර අනෙක් දැරියට අවුරුදු දාහතරකි.

වසර ගණනකට පසු යළිත් දිනක එම තිරිසන් මිනිසා මෙම දැරියන් දෙදෙනා ගැන මෙලෙස සිතුවේය.

‘‘දැන් කෙල්ලෝ දෙන්නා හොඳට උස් මහත් වෙලා ඉන්නේ. ලස්සනත් එක්ක. ආසාවේ බැහැ. තව පාරක් ගිහින් දෙන්නව බය කරන්න ඕනා. දැන් තමයි හොඳම වයස.”

ඒ අනුව දිනක් වැඩිහිටියන් නොමැති අවස්ථාවක මෙම තිරිසන් මිනිසා එම නිවසට ගියේය. එලෙස ගිය ඔහු එම දැරියන් දෙදෙනාට මෙලෙස පැවසුවේය.

‘‘දන්නවනේ පොඩි කාලේ මම කරපු දේවල්. අමතක වෙන්න බැහැනේ ඒවා. මම වීඩියෝ කරලත් තියාගෙන ඉන්නවා. ඒක නිසා කාටවත් මේ ගැන කියන්න එපා. එහෙම කියන්න හැදුවොත් මම මේ වීඩියෝ හැමෝටම පෙන්නනවා. දන්නවනේ මගේ හැටි. ඒක නිසා උඹලා දෙන්නා මට කැමති වෙන්න ඕනා. ආයි උඹල දෙන්නව මට ඕනා.”

එය ඇසූ දැරියන් දෙදෙනා අධික කේන්තියෙන් යුතුව ඔහුට මෙලෙස පැවසුවාය.

‘‘ඔයාට පිස්සුද? පොඩි කාලේ අපි දන්නැති කමට ඔයා අපෙන් ප‍්‍රයෝජන ගත්තා. ආයි ඉතින් කවදාවත් ඒ වගේ ජරා වැඩ කරන්න දෙන්නේ නෑහැ. එහෙම ආවොත් කරන්න ඕන දේත් අපි දන්නවා. කරුණාකරලා දැන් අපේ ගෙදරින් යනවා එළියට. නැත්තං අපි කෑගහනවා ගමටම ඇහෙන්න.”

‘‘ආ එහෙනම් උඹලා එහෙමද හිටපං උඹලට හොඳ වැඩක් කරන්නම්” යැයි පවසමින් ඔහු එම නිවසින් පිටවී ගියේය.

එලෙස ඔහු ගිය පසු දැරියන් දෙදෙනා යළි මෙලෙස කතාබස් කර ගත්හ.

‘‘නංගි මේ මිනිහා ගියේ කේන්තියෙන්.”

‘‘ඒක තමයි අක්කේ. මොනවා කරයිද දන්නේ නැහැ ආයි.”

‘‘ඒක තමයි මමත් කල්පනා කළේ. අපි බය වෙන්න නරකයි.”

‘‘ඔව් අපි වරදක් කරලා නැහැනේ.”

‘‘හැබැයි මේ මිනිහගෙන් අපිට ගැලවෙන්න හම්බෙන්නෙ නැහැ. තව දවසක එයි අපිට කරදර කරන්න.”

‘‘ඔව් ඒක නම් එහෙම තමයි. ඉතින් මොකද අපි කරන්නේ.”

‘‘මම කල්පනා කළේ අම්මලට කියන්න. තවත් හංගන් ඉන්න බැහැනේ.”

‘‘ඒක හොඳ අදහස. මේ මිනිහා පොඩි කාලේ අපිට මොනවා කළාද දන්නේ නැහැනේ.”

‘‘ඒක තමයි. අදම අපි අම්මලාට මේ ගැන කියමු. එතකොට ඒගොල්ලෝ කරන්න ඕන දේ තීරණය කරාවි.”

දැරියන් දෙදෙනෙකු ගැන බණ්ඩාරවෙලින් ඇසෙන යළිත් නෑසිය යුතු කතාවක්…

දෙමව්පියන් එදින නිවසට පැමිණි පසු ඥාති සහෝදරයා කුඩාකල සිට සිදු කළ ලිංගික අඩන්තේට්ටම් පිළිබඳව දැරියන් පැවසුවාය. එය ඇසූ එම දෙමව්පියන් දෙදෙනාගේ ඉහමොළ රත්විය. තම දරුවන් දෙදෙනාට කුමක් සිදු කර ඇත්දැයි ඔවුනට සිතාගැනීමට පවා නොහැකි වූහ.

‘‘තවත් ප‍්‍රමාද වෙලා බැහැ. පොලිසියට ගිහින් මේ පිළිබඳව අදම පැමිණිලි කරන්න ඕනා.” ඔවුන් දෙදෙනා සිතුවෙ එපමණකි. ඉන්පසු ඔවුන් තම දරු දෙදෙනා සමග බණ්ඩාරවෙල පොලිසියට ගොස් වසර ගණනක සිට සිදුවූ සියල්ල පවසා පැමිණිල්ලක් දැමූහ.

පැමිණිල්ලට අනුව ක‍්‍රියාත්මක වූ බණ්ඩාරවෙල පොලිසියේ නිලධාරීහු වහාම ගොස් අදාළ සැකකරු අත්අඩංගුවට ගත්හ. එලෙස අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී ඔහු පොලිස් නිලධාරීන් මුළාවේ දැමීමට සැරසුණේය. එහෙත් පොලිස් නිලධාරීන් ඔහුගේ බසට රැවටුනේ නැත. අවසානයේ එම පාපතරයා වසර දහයක සිට විටින් විට එම දැරියන් දෙදෙනාට සිදුකළ ලිංගික අඩන්තේට්ටම් පිළිබඳව අකුරක් නෑර පැවසුවේය.

ඒ අනුව පොලිස් නිලධාරීන් වසර දහයක සිට කුඩා දැරියන් දෙදෙනකු වරින් වර ලිංගිකව අපයෝජනය කිරීමේ චෝදනාව යටතේ එම සැකකරුව බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේ සැකකරුව විසිනම වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

වර්තමානයේ අප සිටින්නේ වයස් භේදයකින් තොරව සීයා මිණිබිරියව, තාත්තා දුවව, අයියා නංගීව දූෂණය කරන කාල පරිච්ෙඡ්දයකයි. එම නිසා සමාජයේ අන් පුද්ගලයන් ගැන කවර කතාද?.

ඔබ කොතරම් කාර්ය බහුල වුවත් දෙමව්පියන් වශයෙන් තමන්ගේ දරුවන් කෙරෙහි නිරන්තරයෙන්ම අවධානයෙන් සිටින්න. එසේ නොවුණහොත් ඔබේ දරුවා ළඟම ඥාතීන්ගෙන්, මිතුරගෙන් නැතහොත් වෙනත් පාර්ශ්වයක් අතින් ලිංගික හිංසනයන්වලට ගොදුරුවිය හැකිය. එම නිසා එවැනි කාමාතුරයන්ගෙන් ඔබේ දරුවා ප‍්‍රවේසම් කරගන්න. ඔබගේ දියණිය ආරක්ෂිතද?. වරක් නොව දස දහස් වාරයක් ඒ ගැන සිතන්න.

මෙවැනි ලිපි අප පළකරනුයේ හුදෙක්ම පාඨක ඔබට වින්දනයක් ලබාගැනීමට නොව සමාජයේ මෙවැනි කාමාතුර මිනිසුන් ජීවත්වන බව දැනුවත් කිරීමට සහ ඒ තුළින් ඔබගේ ජීවිතයට යම් ආදර්ශයක් ගැනීම සඳහා පමණි.

බණ්ඩාරවෙල කොට්ඨාසයේ වැඩබලන පොලිස් අධිකාරි බී. එම්. එම්. දසනායක මහතාගේ අධීක්ෂණය යටතේ බණ්ඩාරවෙල මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාරසිරි මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ගුණතිලක, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂක රසිකා පුසන්ති ගුණවර්ධන, උප පොලිස් පරීක්ෂක ආර්. එම්. පී. බී. ඞී. රත්නසිරිල්, පොලිස් සැරයන් කුමාරසිංහ (26867), පොලිස් සැරයන් ආනන්ද සිල්වා (1537) කාන්තා පොලිස් සැරයන් දර්ශණි ප‍්‍රියංගිකා අබේවික‍්‍රම (2040), කාන්තා පොලිස් කොස්තාපල් දිල්රුක්ෂි (6675) යන නිලධාරීන් හා නිලධාරිනියන් විසින් මෙම සිද්ධියේ පරීක්ෂණ සිදු කළහ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment