දැරිය අතවරයට ලක්වීම හා දිවිනසා ගැනීම රිෂාඩ්ගෙන් ප‍්‍රශ්න කරනවා

153

මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරිය සිය සිරුරට ගිනි තබාගෙන අභිරහස් අන්දමින් දිවි හානිකර ගැනීම සහ ඇය දීර්ඝ කාලයක සිට ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාගෙන් ඉදිරි දින කීපය ඇතුළත ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන බව බොරැල්ල පොලිසිය පවසයි.

හිටපු ඇමැතිවරයාගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා අධිකරණයට කරුණු වාර්තා කර නියෝගයක් ලබා ගැනීමට ද පොලිසිය කටයුතු කරමින් සිටියි.

පාස්කු ප‍්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින රිෂාඞ් බදුර්දීන් හදිසි රෝගි තත්ත්වයක් නිසා මේ වන විට ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියි.

හිටපු ඇමැතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛiවරුන්ගේ මතය විමසා හැකියාවක් ඇත්නම් රෝහලේදීම මෙම ප‍්‍රශ්න කිරීම් සිදු කිරීමට කටයුතු කරන බවද පොලිස් ආරංචිමාර්ග පවසයි.

මේ අතර මෙම දැරිය පදිංචිව සිටි හැටන් ඩයගම ප‍්‍රදේශය වෙත ගොස් ඇති විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් ඇයගේ පවුලේ සාමාජිකයන්ගෙන් සහ අසල්වාසීන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරමින් සිටියි.

රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි තරුණයාගේ ජංගම දුරකථනය විමර්ශන කටයුතු සඳහා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කර ඇත.

රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරත වෙමින් සිටි දහසය හැවිරිදි දැරිය භූමිතෙල් වත්කරගෙන සිය සිරුරට ගිනි තබාගෙන අභිරහස් අන්දමින් දිවි හානිකරගෙන තිබිණ. ඇ සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment