දැරිය ඕඩර් කළ සිද්ධියේ හිමිවරුන් දේශපාලකයන් ලැයිස්තුව මෙන්න

1332

ගල්කිස්ස ප‍්‍රදේශයේ පහළොස් හැවිරිදි දැරියක මුදලට ලිංගික සේවයේ යෙදවීමේ සිද්ධිය තවමත් අවසන් වී නොමැත. පොලිස් නිලධාරීහු ඒ පිළිබඳව අඛණ්ඩව පරීක්ෂණ සිදු කරති. මෙරට බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියකදී වැඩිම සැකකරුවන් ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගත් සිද්ධිය ලෙස ද මෙය වාර්තාවේ. එම නිසා මෙම සිද්ධියේ පොලිස් පරීක්ෂණ පිළිබඳව විවිධ මාධ්‍ය මෙන්ම බහුතරයක් ජනතාවද ඇස ගසාගෙන සිටිති.

දෙදරු පියකු වන මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති, තිදරු පියකු වන නාවික හමුදාවට අනුයුක්තව සේවය කළ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු, පොලිස් ක‍්‍රීඩා අංශයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු, රත්මලාන ප‍්‍රදේශයේ පදිංචි වයස හැට දෙකක් වන හිටපු බැංකු කළමනාකරුවෙකු, නැවක කපිතාන්වරයෙකු, නුවර ප‍්‍රදේශයේ නළුවෙකු, රත්නපුර ප‍්‍රදේශයේ පදිංචි මුස්ලිම් මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු, දැරිය ගැන අන්තර්ජාලය හරහා දැන්වීම් පළ කළ වෙබ් අඩවි හතරක හිමිකරුවන් සහ කළමනාකරුවන් ඇතුළු සමාජයේ ඉහළ පැළැන්තියේ සහ පහළ පැළැන්තියේ පිරිසක් දැනටමත් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ලිපිය ලියන මොහොත වන විටත් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන සංඛ්‍යාත්මකව 49 කි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබූ අතර චීවරධාරියෙකු ද ඒ අතර සිටින බව හෙළි විය. ඒ සමගම සමාජයේ බොහෝ පිරිස් එම සැකකාර චීවරධාරියා කවුරුන්ද යන්න පිළිබඳව සොයා බැලූහ. එහෙත් එම චීවරධාරියා කවුරුන්ද යන්න පිළිබඳවත්, ඔහු අත්අඩංගුවට ගත්තේ ද යන්න පිළිබඳවත් සොයා ගැනීමට කිසිවකුටත් නොහැකි වූහ. ඒ සමගම එම සැකකාර චීවරධාරියා පිළිබඳව සමාජ මාධ්‍ය ජාලාවල විවිධ තොරතුරු පළ වන්නට පටන් ගත්තේය.

එවැනි වාතාවරණයක් යටතේ එක්තරා වෙබ් අඩවියක පළවී තිබුණේ එම සැකකාර චීවරධාරියා අන් කිසිවකුත් නොව පූජ්‍ය අත්තරගම පඥාලංකාර නොහොත් සැවොම දන්නා කොටුවෙ පොඩි හාමුදුරුවො බවයි. ඉන්පසු විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නොනවත්වාම කොටුවෙ පොඩි හාමුදුරුවන්ට ඒ සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කළේය. අපහාස උපහාස කළේය.

කොටුවෙ පොඩි හාමුදුරුවන් පිළිබඳව එම වෙබ් අඩවියේ සඳහන් වී තිබුණේ මෙලෙසින්ය.

..කොටුවෙ පොඩි හාමුදුරුවෝ ගල්කිස්සෙ දැරියව මුදලට අරගෙන කිහිපවරක්ම දූෂණය කරලා. සියලූ තොරතුරු පොලිසියට අනාවරණය වූ පසු ජනාධිපතිතුමා සහ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරියේ හඬා වැළපෙමින් පවසා ඇත්තේ තමාව බේරා ගන්නා ලෙසයි.”

තමන්ට මෙලෙස අපහාස කිරීම පිළිබඳව කොටුවෙ පොඩි හාමුදුරුවෝ සිටියේ බලවත් කලකිරීමකිනි. උන්වහන්සේ මාධ්‍ය අමතා,

..මෙය අසත්‍ය ප‍්‍රචාරයක් බවත් කිසි දිනෙක තමන් එවැනි අපරාධයක් සිදු නොකළ බවත්, හුදෙක් මෙය තමන්ට මඩ ගැසීමේ අරමුණින් කරන ලද අසත්‍ය ප‍්‍රචාරයක් බව පැවසූ අතර මේ ආකාරයෙන් අපහස කළ අයට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බවත්” පැවසීය. එතනින් නොනැවතුණු කොටුවෙ පොඩි හාමුදුරුවො පසු දිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තමන්ට එල්ල කළ අසත්‍ය චෝදනාවට විරුද්ධව පැමිණිල්ලක් දැමූහ. එලෙස පැමිණිල්ල දමා එළියට වැඩම කළ උන්වහන්සේ මාධ්‍ය අමතා යළි මෙලෙස ද ප‍්‍රකාශ කළහ.

..මම කවදාවත් මෙතැනට ඇවිල්ලා නෑ. මට අවුරුදු 50 ක් වෙන්නත් ළඟයි. ඒත් ජීවිතේ පළවෙනි වතාවට මට මේ ගේට්ටුවෙන් ඇතුළට යන්න සිද්ධ වුණා. එසේ යන්න වුණේ පේජ් එකක්, පිටරට ඉන්න අය සහ ලංකාවෙ ඉන්න අය එකතුවෙලා මට කරපු චෝදනාවක් නිසා. මේ පේජ් එකෙන් හැමදාම එක එක හාමුදුරුවරුන්ගෙ චරිත හරියට ඝාතනය කරනවා.”

..ඉතිං මේ දවස්වල සමාජ මාධ්‍ය ජාලවල යනවා අවුරුදු 15ක ගෑණු ළමයා දූෂණය කරපු එකේ ප‍්‍රධාන හාමුදුරුවො මම කියලා. මට දායකයො පන්සල් ඔක්කොම පැත්තකට දාන්න, මටත් පරම්පරාවක් ඉන්නවා, නෑයො ඉන්නවා. ඒ මිනිස්සුන්ගෙ ආත්ම  ගරුත්වය රකින්න ඕනෙ.”

..ගෝඨාභය සර්ට අඬනවා, මාව බේරාගන්න කියලා, පොලිස්පතිතුමාට තෙන්නකෝන් මහතාට පගාව දෙනවා, සීඅයිඞී ලොක්කන්ට පගාව දෙනවා කියනවා. මොනවද මේ බොරු චෝදනා. ඒක නිසා සීඅයිඞී ඔෆිස් එකට ආවා. ලොකු මහත්තුරු ඔක්කොම හම්බුණා. හම්බෙලා මගේ සම්බන්ධයක් නැහැ කියලා මම පැවැසුවා”

..හැබැයි ඊට විරුද්ධව අසත්‍ය ප‍්‍රචාරය කරපු වෙබ් අඩවිය ගැන සියලූ තොරතුරු මා සඳහන් කළා. ඒ පිළිබඳව තියෙන ලියුම් කියුං පවා බාරදුන්නා. මොකද මේවාට පියවර ගන්න ඕනෙ.”

.. සමාජ මාධ්‍ය ජාලය නියාමනය කරනවාට තරහාම එක්කෙනා මං, ඒවාට නිදහස තියෙන්න ඕනෙ. හැබැයි ඒ නිදහස තිබුණා කියලා කාගෙවත් ජීවිතවලට හානි කරන්න බෑ. මේකෙ සිද්ධියෙ හාමුදුරුනමක් ඉන්නවා, ඒ හාමුදුරුවො අත්අඩංගුවට අරන් තියෙනවා. ”

..ඔය කියන හැමෝටම කලින් මම හෙව්වෙ කවුද හාමුදුරුවො කියලා. මොකද රටේ අපි වැඩකරන හාමුදුරුගොල්ලො. ඒ නිසා ගෝඨාභය සර්ට ඕනෙ නම් ගෝඨාභය සර්ට ගහන්න. පොලිස්පතිට ඕනෙ නම් පොලිස්පතිට ගහන්න. තෙන්නකෝන් සර්ට ඕනෙ නම් තෙන්නකෝන් සර්ට ගහන්න. හැබැයි හරි දේට ගහන්න.”

”කොටුවෙ හාමුදුරුවොන්ට ගහනවා නම් හරි දේට ගහන්න. මතක තියාගන්න අධිකරණ ක‍්‍රියාමාර්ග අරගෙන ඒ පේජ් වලට දඬුවම් දෙනකල් මං මෙතන ඉන්නවා. මොකද භික්ෂුන් වහන්සේ නමක්, මං වකුගඩුවක් දන් දීපු හාමුදුරු නමක්.”

..මේ වුණ සිදුවීමට මම ගොඩාක් දුක් වෙනවා. වැරදි කරන හාමුදුරුගොල්ලො ඇති, හැබැයි ඒකට මාව අදාළ නෑ. මම කවදාවත් එහෙම වැරදි කරන හාමුදුරුනමක් නොවේ යි.” අත්තරගම පඤ්ඤාලෝක හිමි හෙවන් කොටුවේ පොඩි හාමුදුරුවෝ අවුරුදු 15 ක් වයසැති දැරිය දූෂණය කිරීමට තමන් සම්බන්ධ නොමැති බව රටටම පැවසුවේ එලෙසින්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් දැමූ පැමිණිල්ලට සාධාරණයක් ඉටු නොවුණහොත් අධිකරණය දක්වා හෝ ගොස් තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් යුක්තිය ඉටු කර ගන්නා ලෙස අපි උන්වහන්සේට මතක් කර දෙන්නෙමු. එම සිද්ධිය එලෙස අවසන් වෙද්දි එම දැරිය අපයෝජනයට ලක් කළ බවට සැක පිට තවත් භික්ෂු නමක් අත්අඩංගුවට ගෙන තිබුණ පුවතක් පිළිබඳව වාර්තා විය. ඒ සම්බන්ධයෙන් පොලිසිය නිසි තොරතුරක් ලබා නොදුන්නත් සමහර මාධ්‍යවල ඒ පිළිබඳව සවිස්තරාත්මකව විස්තර පළ වී තිබුණේ මෙලෙසින්ය.

..සැකකාර එම චීවරධාරියා කැලණිය ඊරියවැටිය ප‍්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකි. වයස අවුරුදු පනහක් පමණ වේ. කෑගල්ලේ පඤ්ඤාවිශුද්ධි නැමති මෙම සැකකාර චීවරධාරියා අවස්ථා ගණනාවකදී එම දැරිය විහාරස්ථානයේ තම කුටියට ගෙන අතවරයට ලක්කර තිබේ. ඒ රාත‍්‍රී නමයෙන් පසුවයි.”

..දැරියගේ ජංගම දුරකථනයේ එම සැකකාර චීවරධාරියාගේ දුරකථන අංකය සඳහන් කර තිබුණේ ..හාමුදුරුවෝ” යන නමිනි. එය වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී අනාවරණය වූයේ දෙදෙනා අතර කෙටි පණිවුඩ හුවමාරු වී ඇති බවයි.”

මෙම විස්තරයද සම්පූර්ණ අසත්‍යයකි. කිසියම් පිරිසක් විසින් ඉහත නම සඳහන් කළ භික්ෂූන් වහන්සේට මඩ ගැසීමේ අරමුණින් මෙය සිදු කර ඇති බව වාර්තා වේ. දැරිය අපයෝජනයට ලක් කළේ එම භික්ෂූන් වහන්සේ නොවන බව පොලිසියේ ඉහළ නිලධාරියෙක් ද පැවසුවේය.

මෙම දැරිය අපයෝජනයට ලක් ් කිරීම සම්බන්ධයෙන් සැකපිට චීවරධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම චීවරධාරියා කවුරුන්ද යන වග පොලිසිය විසින් තවමත් මාධ්‍ය වෙත සඳහන් කර නොමැත.

පොලිසිය පවසනුයේ සමාජ මාධ්‍ය ජාලාවල මෙම දැරිය අපයෝජනයට ලක් කළ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් සංසරණය වන බවයි. එම නම් ලැයිස්තුවේ මෙරට ප‍්‍රබල දේශපාලනඥයින්ගේ, ව්‍යාපාරිකයින්ගේ,භික්ෂූන් වහන්සේලාගේ, ඉහළ පොලිස් නිලධාරීන්ගේ සහ තවත් ප‍්‍රභූ පිරිසකගේ නම් සඳහන් බවයි. ඒ සියල්ල අසත්‍යයක් බව මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතාද මෙම දැරිය මුදලට ගෙන අපයෝජනය කර ඇති බවට සමාජ මාධ්‍ය ජාලවල සඳහන් විය. ඉන් පසු ඒ පිළිබඳව ඔහුට ද විවිධ පාර්ශවලින් චෝදනා එල්ල විය. අවසානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස ඒ සම්බන්ධයෙන් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා මෙලෙස සඳහන් කළේය.

..බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සමාජය තැතිගන්වන පුවත පසුගිය දින කිහිපය පුරාම දක්නට ලැබුණි. එම අපයෝජනයට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් පිළිබඳ වාර්තා විසින් සමාජයක් ලෙස අප වැටෙමින් පවතින අගාධයේ ගැඹුර පිළිබඳ යම් අදහසක් ලබා ගත හැක. වර්තමානයේ උත්කර්ෂයට නංවන සාරධර්ම, සංස්කෘතික පදනම් පිළිබඳ වචනාර්ථයෙන් එහාට ගිය ගැඹුරු විමසුමකට අප යා යුතු බව එම සිදුවීම් විසින් අපට මතක් කර තිබේ. එම ළමා අපහරණය ශිෂ්ට සම්පන්න සමාජයක් විසින් මුළුමනින්ම හෙළා දැකිය යුතු එකක් බව අවිවාදිතය. කවරෙක් හෝ එම අපහරණය වෙනුවෙන් පෙනී සිටින්නේ නම් එය බරපතළ සමාජ අපරාධයකි. දැරිය අපහරණයට සෘජුව හෝ වක‍්‍රව සහභාගී වූවන්ට උපරිම ද`ඩුවම් ලබා දිය යුත්තේ සමාජයට පාඩමක් කියා දීම උදෙසා ය.”

..පසුගිය (13දා) උදෑසන සිට මෙම ළමා අපයෝජනයට නොදෙවෙනි අපහරණයක් සමාජ මාධ්‍ය තුළ දියත් විය. ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සහ ක‍්‍රියාමාර්ග වලට එරෙහිව මත දක්වන පිරිසක් මෙම ළමා අපයෝජනයට සම්බන්ධ යැයි කියවෙන ව්‍යාජ පුවතක් නිර්මාණය කර සමාජ මාධ්‍යයට එක් කර තිබුණි.ඩබැලූ බැල්මටම එම ලැයිස්තුව සකස් කළේ කවුරුන්ද යන්න දේශපාලනය පිළිබඳ අබමල් රේණුවක වැටහීමක් ඇති ඕනෑම කෙනෙකුට අවබෝධ කරගත හැකිය. එසේම එම වෙබ් අඩවිය සහ එම පුවත ිය්රු කළ අයගේ අතීත සහ වර්තමාන භාවිතාව දෙස බැලූ විට ඔවුන් සේවය කරන්නේ කාටදැයි හොඳ හැටි පැහැදිලිය.”

..සමාජ මාධ්‍ය තුළ අපට විටින් විට මඩ ගසා ඇත. අපට එරෙහිව බොරු පුවත් නිර්මාණය කර ඇත. නමුත් ඒ සියල්ලටම වඩා අද උදෑසන ප‍්‍රචාරය කළ මෙම ව්‍යාජ පුවත විසින් පුද්ගලිකව අපට නොව මුළු මහත් සමාජයටම දැඩි ප‍්‍රහාරයක් එල්ල කර ඇත. මෙම ව්‍යාජ පුවත නිර්මාණය කළ අයගේ එක් අභිලාෂයක් වී ඇත්තේ සිදු වූ බරපතළ ළමා අපයෝජනය විහිළුවකට ගෙන එය සාමාන්‍ය සිදුවීමක් බවට යට කර දැමීමයි. සමාජයක් කම්පා කරවන මෙවන් බරපතළ සිදුවීමටද යම් දේශපාලනික හැඩයක් ආරෝපනය කර දිය කර හැරීමයි. ඔවුන්ගේ අනෙක් අරමුණ වී ඇත්තේ මෙම ළමා අපයෝජනයේ සැබෑ වරදකරුවන් – සමහරවිට සිය හිත මිතුරන්, නැතහොත් තමන්ට මුදල් සපයන අය – ආරක්ෂා කිරීමයි. මෙවැනි සිදුවීමකට සම්බන්ධවීමට සිහිනෙන්වත් නොසිතන හෝ මෙවැනි සිදුවීම් සහිත සමාජයක් මුළුමනින් වෙනස් කිරීම සඳහා කැපවන පුද්ගලයන් අතරේ තම වරදකාරී මිතුරන් සඟවා ආරක්ෂා කිරීමයි.”

..මෙම දැරිය අපයෝජනය තරමටම මෙම ව්‍යාජ පුවත ද සමාජයක් ලෙස අපගේ ගැඹුරු අවධානයට ලක්කළ යුතුය. අද ඔබ ඔවුන්ගේ ඉලක්කයක් නොවිය හැක. ඒත් හෙට…?”

අපයෝජනයට ලක් වූ දැරියට දැන් රෝහලක් තුළදී කායික හා මානසික ප‍්‍රතිකාර ලබා දෙයි. එහිදී අනාවරණය වූයේ දැරියගේ ශාරීරික තුවාලයන්ට වඩා මානසික වශයෙන් හටගෙන ඇති තුවාල බරපතළ බවයි. එමෙන්ම මෙම දැරියව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කර ගෙන ඇති අතර ඇය සමාජ රෝග පිළිබඳ අවදානමකද පසුවෙයි. ඒ අනුව වර්තමානය වන විට සියලූ අංශවලින් ඇයට සාමූහිකව ප‍්‍රතිකාර ලබාදෙයි. යළි යළිත් අප පවසනුයේ මෙම අහිංසක දැරිවියට මෙවැනි අපරාධයක් කිරීමට හවුල් වූ සියලූ දෙනාට සහ ලිංගික තෘප්තිය ලැබීම සඳහා ඇයව මුදලට මිලදී ගත් සියලූම කාමාතුරයන්ට තරාතිරම නොබලා උපරිම ද`ඩුවම් ලබා දෙන ලෙසයි.

– ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment