දැරිය ‘මිසින්’ කළ ‘මිස්කෝල්’…. අතුරුදන් වූ දියණිය සොයා දෙන්නැයි මවක් පොලිසියේ වැළපෙයි!

977

දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම දියණිය අතුරුදන්ව ඇති බවට කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පයාගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ටිකිරියාදුර නෙලූකා චාන්දනී නමැති 40 හැවිරිදි කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මග්ගොන, ගොඩැල්ල පරේ පදිංචිව සිටින ඇය එදින උදෑසන 9.15 ට පමණ තමන් වෙළෙඳ සැලකට ගොස් නැවත නිවසට පැමිණෙන විට දියණිය දක්නට නොලැබුණු බවත් ඇය සොයාදෙන ලෙස පොලිසියෙන් බැගෑපත්ව ඉල්ලා සිටින බවත් හැඬූ කඳුලින් ප‍්‍රකාශ කර ඇතැයි පොලිස් නිලධාරියකු පැවසීය.

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගෙනීම් කටයුතු සඳහා මව විසින් දැරියට ජංගම දුරකථනයක් මිලදීගෙන ලබාදී ඇති අතර එම දුරකථනයට වෙනත් ජංගම දුරකතනයකින් නිතර නිතර ඇමතුම් ලබාගෙන ඇති බවත් එය මේ වනවිට විසන්ධි කර ඇති බවත් පොලිසිය කියයි.

එබැවින් දැරියගේ ජංගම දුරකථනයට ඇමතුම් ලැබී ඇති දුරකථන අංකය ඔස්සේ පරීක්ෂණ සිදුකරන බව පොලිසිය කීය.

වැඩබලන ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නයනජිත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් කාන්තා සහ ළමා කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment