දැරිය හඬා වැළපෙමින් සිටියදී පිහිට වූ පොලිස් නිලධාරියා අසමජ්ජාතියා අල්ලයි

380

පාසල අවසන් වීමෙන් අනතුරුව උපකාරක පන්තියකට සහභාගී වී නැවත සිය නිවස බලා ගමන් කරමින් සිටි 14 හැවිරිදි දැරියකට අතවර කළ සැකකරුවකු 6දා අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එක්දරු පියකු බව පොලිසිය කියයි. අමතර පන්තිය පෙනී සිට තනිව පා ගමනින් ගමන් කර ඇති මෙම සිසුවිය පිටු පසින් පැමිණ ඇති සැකකරු, එක් වරම එම දැරියගේ මුහුණ අතින් වසා මරණ බවට තර්ජනය කර මෙම අපරාධය සිදුකර තිබේ.

පසුව දැරිය මාර්ගයේ හඬා වැළපෙමින් සිටින අයුරු මාර්ගයේ ගමන් කළ හොරොව්පොතාන පොලිසියේ රථවාහන අංශ නිලධාරියකු දැක සිදු වූ දේ විමසා, ඉන් අනතුරුව දුව යමින් සිටි සැකකරු ලුහුබැඳ ගොස් අල්ලා ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු 7 දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මිහින්තලේ – රංග චතූ
 

advertistmentadvertistment
advertistmentadvertistment