දැවැන්තයා සහ ආක්‍රමණිකයා අද මුහුණට මුහුණ සටනක

832

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සහභාගි වන දෙවෙනි තරගය ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට්  ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද (06 වෙනිදා) ප.ව.7.30ට ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර තරග 25ක අතීත තතු විමසීමේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට වඩා පන්දු වාර 20-20 තරගවලදී ජයග්‍රහණ 10ක් වැඩි පුර ලබා ගෙන ඇතත් මේ මොහොතේදී ජයග්‍රාහී මානසිකත්වයකින් පෙළෙන ශ්‍රී ලංකාව සමග අද පැවැත්වෙන සටන දෙස ඉන්දියාව සුළුවෙන් නොහිතනු ඇත.

දැවැන්තයා සහ ආක්‍රමණිකයා අද මුහුණට මුහුණ සටනක

විශේෂයෙන් තමන්ගේ පරම ප්‍රතිවාදියා වන පකිස්තානය හමුවේ පෙරේදා (04 වෙනිදා) මෙම ක්‍රීඩාංගණයේදීම ලද පරාජයත් සමග ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා වැඩි පීඩනයකින් යුතුව අද තරගයට මුහුණ දෙනු ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව පරදා යළි තරගාවලියට අවතීර්ණ වීමට පළමු තරගය පරාජය වූ ඉන්දියාව උත්සාහ ගනු ඇති අතර පළමු තරගය ජයගත් ශ්‍රී ලංකාව මෙම තරගය ද ජය ගෙන අවසන් මහා තරගයට පිවිසීමට ඇති අවස්ථාවන් වැඩි කර ගනු ඇත.

මෙම තරගයට පසුව ශ්‍රී ලංකාව පකිස්තානය සමගත් ඉන්දියාව, ඇෆ්ගනිස්තානය සමගත් සුපිරි වටයේ දී තරග වැදීමට නියමිතය.

මේ දක්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති 20-20 සටන්වලදී ඉන්දියාව 17 වතාවක් සහ ශ්‍රී ලංකාව 7 වතාවක් තරග ජයග්‍රහණය කර තිබේ. එක් තරගයක් විසඳුමකින් තොරව නිමාවට පත් වී ඇත.

එහෙත් ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම මධ්‍යස්ථ රටවලදී පන්දු වාර 20-20 තරග සඳහා එකිනෙකා හමු වූ අවස්ථාවන්වල වැඩි ජයග්‍රාහී ප්‍රතිශතයකට හිමිකම් කියන්නේ සත්කාරක ශ්‍රී ලංකාව වේ.

එනම් දෙරට අතර මධ්‍යස්ථ ක්‍රීඩාංගණයන්හි පන්දු වාර 20-20 තරග 03ක් මේ දක්වා පවත්වා ඇති අතර ඉන් තරග දෙකක ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ද, ඉන්දියාව එක් තරගයක් පමණක් ද ජය ගෙන තිබේ.

ඩුබායි ක්‍රීඩාංගණයේදී රාත්‍රී කාලයේ පන්දු රැකීමේදී ක්‍රීඩාංගණයට බලපාන පින්න හේතුවෙන් දඟ පන්දු යවන්නන්ට පන්දු යැවීමට අසීරුවන තත්ත්වයක් මත කාසියේ වාසිය මෙවර තරගාවලියේ යම් තීරණාත්මක සාධකයක් වී ඇත.

විශේෂයෙන් මෙතෙක් තරගාවලියේ ඩුබායි සහ සාජා පිටිවලදී පැවැති තරග අතුරින් හොංකො කණ්ඩායම සහභාගි වූ තරග දෙක හැරෙන්නට අනෙක් තරගවල ජයග්‍රහණය හිමිකර ගැනීමට කාසියේ වාසිය දිනා දෙවනුව පන්දුවට පහර දුන් කණ්ඩායම සමත් විය.

එසේ කාසියේ වාසිය ජයග්‍රහණය කර තරගය පරාජයට පත් වූ අනෙක් කණ්ඩායම වූයේ බංග්ලාදේශය වන අතර ඔවුහු කාසියේ වාසිය දිනුවත් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර පසුව ලකුණු හඹා ගිය ඇෆ්ගනිස්තානය එම තරගය ජයග්‍රහණය කළේය.

ඉන්දියාව සහ පකිස්තානය මූලික වටයේ සහ සුපිරි වටයේ පැවැති තරග දෙකේදී ද එය ඒ ආකාරයෙන්ම සිදු වූ අතර ශ්‍රී ලංකාව බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව ඩුබායි හිදී සහ සාජා හිදි ද ජයග්‍රහණ ලබා ගත්තේ කාසියේ වාසිය ජයග්‍රහණය කර ලකුණු හඹා ගොසිනි.

එහිදී ශ්‍රී ලංකාව එම තරග දෙකම ක්‍රීඩාංගණයන්හි ඉහළම ජයග්‍රාහී ලකුණු හඹා යෑමේ වාර්තාව සියතට ගෙන ජයග්‍රහණ ලබා ගත්තේය.

ඉන්දීය සංචිතය

රෝහිත් ශර්මා (නායක), ලෝකේෂ් රාහුල්, විරාට් කෝලි, සූර්යකුමාර් යාදව්, රිෂාබ් පාන්ට්, දීපක් හූඩා, හර්දීක් පාණ්ඩ්‍යා, බුවනේෂ්වර් කුමාර්, රවී බිෂ්නොයි, යුස්වේන්ද්‍ර චාහල්, අවේශ් ඛාන්, රවිචන්ද්‍රන් අශ්වින්, අක්සාර් පටෙල්, දිනේෂ් කාර්තික් සහ අර්ෂ්දීප් සිං.

ශ්‍රී ලංකා සංචිතය –

දසුන් ශානක (නායක), දනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, කුසල් මෙන්ඩිස්, චරිත් අසංලක, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දිල්ශාන් මදුසංක, අසිත ප්‍රනාන්දු, පැතුම් නිස්සංක,

කුෂාන් සුබසිංහ ඩුබායි සිට

advertistmentadvertistment
advertistmentadvertistment