දෑත්  දෙපාහි  නිල තෙරපුම

569

නීරෝගී දිවියක් වෙනුවෙන් ලබාගත හැකි නිල තෙරපුම ප‍්‍රතිකාර යටතේ දෙපාවල සහ දෑත්හි පිහිටා ඇති නිල තෙරපුම සිදුකිරීම සහ ඉන් ලැබෙන ප‍්‍රතිඵල පිළිබ`දව අවධානය යොමු කරමු.

 නිල තෙරපුමේදී දෙපා සහ පාද මර්ම තෙරපුම ලෙස මෙය හඳුන්වයි.

 දෙපාවල එක් අතක මර්ම 11 බැගින් දෑත්හි මර්ම 22ක් ඇත. දෙපාවලද මෙලෙස මර්ම 11 බැගින් මර්ම 22ක් තිබේ.

 මෙම නිල නිවැරදි ලෙස තෙරපුමට ලක්නොකළ හොත් සිරුරට පීඩාගෙනදේ. ඉන් මරණය පවා සිදුවේ.

 දෑත් දෙපාවල ඇති නිල හඳුනාගන්නේ එක් එක් පුද්ගලයාගේ මැදැ`ගිල්ලේ ඇති ප‍්‍රමාණයෙනි.

 දෙපාවල සහ දෑත්හි නිල මාපටැඟිල්ල සහ අනෙක් ඇඟිලිවල පිහිටා ඇත. එම නිල සපීත මර්ම ලෙස හඳුන්වයි. සක‍්‍රීත මර්ම දෙපාහි යටිපතුල්හි උඩ සහ යටද දෑතේ අල්ලේ උඩ සහ යටද පිහිටා තිබේ.

 මෙම මර්ම අඟලක පමණ ප‍්‍රමාණයක් දක්වා විහිදී ඇත. ඒ අනුව එවැනි ස්ථාන නිවැරදි ලෙස තෙරපුමට ලක්කළ යුතුය.

 මෙම මර්ම හොඳින් පැයක පමණ කාලයක් තෙරපුමට ලක් කිරීමෙන් හෘදයවස්තුවේ කි‍්‍රයාකාරීත්වය හොඳින් සිදුවීමට බලපායි. ඉන් සිරුර පුරා ලේ

 ගමනාගමනය නිසි ලෙස සිදුවීමෙන් දෑත් දෙපාහි මාංශපේශී කි‍්‍රයාකාරිත්වයට හිතකර වේ.

 මර්ම හා ස්නායුද සම්බන්ධ බැවින් මර්ම තෙරපුමේදී ස්නායු කි‍්‍රයාකාරීත්වයද හොඳින් සිදුවීම නිසා දෑත් දෙපාවල හිරිවැටීම් ආදිය පවතීනම් ඒවාද සුවපත් වේ.

දෑත්  දෙපාහි  නිල තෙරපුම

advertistmentadvertistment
advertistmentadvertistment