දෑත් දෙපා ගැටගසා මහනුවර පාසලක ආරක්‍ෂකයා ක්‍රීඩාංගණයේ මරා දමලා

418

ඝාතනය අබිරහසක් – පොලිසිය
සීසීටීවී පරීක්‍ෂා කරයි

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක ආරක්‍ෂක නිලධාරියකු දෑත් දෙපා ගැටගසා අබිරහස් අන්දමින් විදුහලේ ක්‍රීඩාංගණය අසල ඝාතනය කර තිබියදී පොලිසිය මගින් ඊයේ (17 දා) උදෑසන සිරුර සොයාගෙන ඇත.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 27 හැවිරිදි උපුල් සම්පත් නමැති අයෙකි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා පාසලේ ක්‍රීඩාගාරයේ ආරක්‍ෂක නිලධාරියා ලෙස කටයුතු කර ඇත. මොහුගේ සිරුර මුලින්ම දැක ඇත්තේ විදුහලේ ක්‍රීඩා උපදේශකවරයකු විසින් ය. ආරක්‍ෂක නිලධාරියා ඝාතනයට ලක්ව සිටි ස්ථානයේ තිබී ඔහුගේ මුදල් පසුම්බිය සොයාගෙන ඇත.

මුදල් පසුම්බියේ හැඳුනුම්පත් සහ බැංකු කාඩ්පත් ද ඇතුළු තවත් ලිපි ලේඛන පිටතට ඇද දමා තිබූ බව පොලිසිය පවසයි. ආරක්‍ෂක නිලධාරියා ඝාතනය කර තිබූ ස්ථානයේ ලේ පැල්ලම් කීපයක් ද තිබී සොයාගෙන තිබේ.

මෙම ඝාතනයට හේතුව කුමක්දැයි මෙතෙක් හෙළිවී නොමැත. පාසල සහ අවට ප්‍රදේශවල සීසීටීවී කැමරා දර්ශන පරීක්‍ෂා කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.

මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment