දෑත දෙපා ළඟ ගිගිරි සරින්..

888

ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු
පොළොවේ මිහි සයනේ ගොඩනැගූ මිනිස්සු
කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සු

ප‍්‍රවීණ සංගීතඥයෙක්, ගායනවේදියෙක්, නිවේදකයෙක්, තනු රචකයෙක්, ප‍්‍රවීණ ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පියෙක්, ටෙලිනාට්‍ය සහ රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් මෙන්ම සංගීතාචාර්‍යවරයෙක් ද වන ලක්ෂ්මන් විජේසේකරයන් රුදුරු පිළිකා රෝගයට ගොදුරු වී සිට සිය ජීවන ගීතය ගයා නිම කළේය.

කේ. එම්. දයාපාලයන් යටතේ සංගීතයේ ස්වර හත කියැවූ ඔහු ඉන්මතු රජයේ සංගීත පාසැලට ඇතුළත් වූවේය. වර්ෂ 1975 වසරේ ගුවන්විදුලි සරල ගී පරීක්ෂණය විශිෂ්ට ලෙස සමත් වූ ඔහු අමරනාත් ජයතිලකගේ

දෑත දෙපා ළඟ  ගිගිරි සරින්..
ලක්ෂ්මන් බිරිඳ චන්ද්‍රා සමග

”ප‍්‍රියංගා” සිනමාපටයෙන් චිත‍්‍රපට නළුවෙක් ලෙසින් රංගනයට පිවිසියේය. එනමුත් ඊට පෙර ද ඔහු ”වෙස්සන්තර” සහ ”නෙළුම් පොකුණ” යන වේදිකා නාට්‍ය සඳහා රංගනයෙන් දායක වී තිබුණි. ”යුවතිපති”, ”අතුරු මිතුරු” සහ ”දලූලන ගිනි” වැනි චිත‍්‍රපට ඔස්සේ සිනමාවේ දක්නට ලැබුණු ඔහු ”රේඛා” මෙන්ම ”ගංගා සහ නිශ්ශංක” ටෙලිනාට්‍යයන්හි ප‍්‍රධාන චරිතයන් රංගනය කරමින් රසිකාදරය නොඅඩුව ලැබුවේය. බර්ට‍්‍රම් නිහාල්ගේ ”ගම්පෙරළිය” ටෙලිනාට්‍යයේ ද රංගනය කළ ඔහු ”බුමුතුරුණු”, ”අත්ත බිඳෙයි” වැනි ජනප‍්‍රිය ටෙලි නාට්‍ය රැුසක සංගීත අධ්‍යක්ෂවරයා ද විය.

සින්ඩ‍්‍රලේලාගේ සෙරෙප්පුව”, ”සුදු ඇතාගේ කතාව” වැනි විත්ති කතා චිත‍්‍රපටවල මෙන්ම ”සෙනෙහෙබර ඩොලී” සහ ”පුත‍්‍ර සමාගම” යන වේදිකා නාට්‍යවලද ලක්ෂ්මන් සර් සංගීතවත් වී ඇත. මා නන්දා මාලනී සංගීත ආශ‍්‍රමයේ 1982 වසරේ සංගීතය හදාරන කල එවකට විශාරද නන්දා මාලනිය සමග විශාරද මාලනී බුලත්සිංහල, ලක්ෂ්මන් විජේසේකර සමගින් ආනන්ද වීරසිරි අපේ සංගීත ගුරුවරු ලෙස කටයුතු කළහ.

මා හට සංගීත ඥානය ලබාදුන් ගුරුවරු අතර ලක්ෂ්මන් විජේසේකරයන් මා හට සුවිශේෂී චරිතයකි. ඒ ඔහු ගායකයෙක් මෙන්ම ”රේඛා” ටෙලිනාට්‍යයේ නළුවෙකු ලෙසින් අතිශය ජනප‍්‍රිය වී සිටි සමයය. එදා ඇරඹුණු ඒ ළෙන්ගතුකම අදටත් එසේමය. මා කෙතරම් වියපත් වුවද කිසිදා ”ලකී අයියා” ලෙස ඔහු නො ඇමතූ අතර සැමදාටම ඔහු මගේ ”ලක්ෂ්මන් සර්” ම ය. ”සඳ කිනිති නැමී….”, සමිතා එරන්දතී මුදුන්කොටුව සමග ගයන ”සිනා පිපෙනා මේ වසන්තය……”, චන්ද්‍රලේඛා පෙරේරා සමග ගයනා ”දැල්වූ පහන් දැල්වී තිබේවා…..”, විශාරද නිර්මලා රණතුංග සමග ගයන ”ඔබ මට තරුවකි…….”, ”සමාව ඉල්ලා හඩා වැටෙන්නද…..”, ”ඇතිදේ ඇති සැටියෙන්……”, ප‍්‍රදීපා ධර්මදාස සමග ගයන ”සුපෙම් හැඟු?ම් ඔබෙන් එපා……” සහ ”දෑත දෙපා ළඟ ගිගිරි සරින්……..” ආදී ජනකාන්ත ගී සමුදායක උරුමකරු වන ලක්ෂ්මන් සර් මියුරු තනුවකට ගී ගැයීමේ විසල් සිහිනයක් මා තුළ විය.

එය සැබෑ කරමින් වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ රචනා කළ ”හිමිදිරියේ ගලා හැලෙන……..” නම් මව් ගුණ ගීතයක් මවිසින් ගැයීය. එකල ස්වර්ණවාහිනි නාලිකාවේ ගීත රූප රචනා අධ්‍යක්ෂවරයෙක් ලෙසින් ද කැපීපෙනුණ ඔහු පසුව ”විලම්භීත” ටෙලිනාට්‍ය සහ ”රන්පත් රටා” රූපවාහිනී වැඩසටහන අධ්‍යක්ෂණය කළේය.

ප‍්‍රවීණ රංගනවේදිණියක වන චන්ද්‍රා කළුආරච්චි සමග විවාහපත් වී සිටි ලක්ෂ්මන් සර් පසුගිය 2019 වසරේ සිදු වූ ඇගේ අකල් වියෝවෙන් පසුව දෙවසරක් ගෙවෙන තැන ලක්ෂ්මන් සර් අපෙන් සමුගන්නේ සිය 73 වැනි වියෙහි ය. ඔහුගේ දුවණිය වන අමා ශාක්‍යා සහ පුතු වන විහඟ රංගනයෙහි සිය දස්කම් පෙන්වූවෝය.

මා 1982 වසරේ පටන් නන්දා මාලනී සංගීත ආශ‍්‍රමයේ ඔබෙන් ශිල්ප ලත් යුගයේ සිට ඔබ දැන හඳුනන අතර ඔබේ ජීවිතයේ අඩකටත් වඩා කලක් මා ඔබ ඇසුරු කොට මෙන්ම ඡුායාරූප ද ගෙන ඇත්තෙමි. ඔහු වැනි යහපත් චරිතයක් මේ දැයෙන් සමුගැනීම මහත් සේ අඩුවක් වන අතර මට ද එය මහත් සේ දරාගත නොහැකි කම්පාවකි.

විහඟට මෙන්ම අමා ඇතුළු සැමට මගේ සාතිශය සංවේගය දන්වන අතරම අවසන් කටයුතු පසුව දැනුම් දෙමි. ආදරණීය ලක්ෂ්මන් සර්, මේ රුදුරු සසර ගමන ඉක්මණින් නිමාකොට නිවන් සුවයෙන්ම නිවෙන්නට ආදරණීය ඔබට මා පිංපෙත් පමුණුවමි !!!

දයාන් විතාරණ

advertistmentadvertistment
advertistmentadvertistment