දෑස් දෙකෙම නොපෙනන ප‍්‍රදීපාට පහන් වැටක් වූ හිතහොඳ මිනිස්සු

224

අනුරාධපුර, තඹුත්තේගම, ලූණුවැව ප‍්‍රදේශයේ පදිංචි ඇස් දෙකම නොපෙනෙන මවකට ලෝකය දැකීමට වරම් ලබාදීමට මුහුණු පොත හරහා අවශ්‍ය කටයුතු සිදුකර දීමේ සත්කාරයක් වාර්තා වෙයි.

හතළිස් පස් (45) හැවිරිදි මවක් වන ඞී. එම්. ප‍්‍රදීපා මුහුණපාන කටුක ජීවිතයට සහනයක් ලබාදීම සඳහා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ප‍්‍රධාන ශිෂ්‍ය නායක කවිදු ඉලංගකෝන් සිසුවා තම මුහුණු පොතෙහි දෑස් දෙකම නොපෙනෙන ප‍්‍රදීපාට පෙනීම ලබාදීමට හැකි අයෙකු සිටීනම් ඒ සදහා අවස්ථාවක් උදාකර දෙනමෙන් ඉල්ලීමක් කර තිබිණි.

දෑස් දෙකෙම නොපෙනන ප‍්‍රදීපාට පහන් වැටක් වූ හිතහොඳ මිනිස්සු

ඒ අනුව අනුරාධපුර නෙතිල් දෘෂ්ඨි විශේෂඥ ආයතනයේ අධිපති දෘෂ්ඨි විශේෂඥ හා සිලෝන් අයි කෙයාර් දෘෂ්ඨි විශේෂඥ සංගමයේ හිටපු සභාපතිවරයකු වූ රංජිත් පේ‍්‍රමරත්න මහතා මේ පරාර්ථකාමී ඉල්ලීම කෙරෙහි තම දායකත්වය ලබාදීමට කැමැත්ත පළ කෙරිණි.

අනතුරුව ඞී. එම්. ප‍්‍රදීපාගේ දෑස් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අක්ෂි විශේෂඥ වෛද්‍ය සුරේන් කුරේරා මහතා වෙත යොමු කළ අතර එතුමා විසින් රෝගියා සුවපත් කිරීමේ කාර්ය සඳහා කිසිම මුදලක් අය නොකර මාසයක් පුරා රෝගියා පරීක්ෂාකර උපදෙස් ලබාදී බෙහෙත් නියම කිරීමට මයිවිෂන් චැනල් මධ්‍යස්ථානයේදී සිදු කළ අතර එම ආයතනයේ අධිපති අක්ෂි තාක්ෂණවේදී ධර්මසිරි හේරත් මහතා තම පුර්ණ දායකත්වය ලබාදීම සිදු කළේය.

දෘෂ්ඨි විශේෂඥ රංජිත් පේමරත්න මහතා හා කවිදු ඉලංගකෝන් සිසුවා එක්ව  රෝගියාගෙන් කිසිදු මුදලක් අය නොකර එක් ඇසකට අක්ෂි කාචයක් බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදු කිරීම පෙරේදා (01) අනුරාධපුර නේත‍්‍රා අක්ෂි රෝහලේදී අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය සුරේන් කුරේරා මහතා විසින් තවත් අන්ධවීමට ගිය අහිංසක ජීවිතයකට ආලෝකය ලබා දුන්නේය. මෙහිදී නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ලෙවන් කාරියවසම් මහතාද නේත‍්‍රා අක්ෂි රෝහලේ අනෙකුත් කාර්ය මණ්ඩලයද මේ සඳහා දායකත්වය දක්වා ඇත.

01. අනුරාධපුර නේත‍්‍රා අක්ෂි රෝහලේදී අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය සුරේන් කුරේරා මහතා ඇතුළු නිලධාරීන් විසින් එම මව සඳහා අක්ෂි කාචයක් බද්ධ කිරීමට සුදානම්වූ අයුරු.

නාච්චාදුව – ප‍්‍රභාත් වනසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment