දික්ඔය මූලික රෝහලේ සයිනොෆාම් නැතුව කලබගෑනියක්

478

දික්ඔය මුලික රෝහලෙන් සයිනොෆාම් එන්නතේ දෙවන මාත‍්‍රාව ලබා ගැනීමට හැටන් ප‍්‍රදේශයෙන් පැමිණ පිරිසක් දින රෝහල ඉදිරිපිට නොසන්සුන්කාරි ලෙස හැසිරිණි.

සයිනොෆාම් එන්නතේ පළමු මාත‍්‍රාව එම රෝහලෙන් ලබා ගත් එම පිරිසට 25 දින දෙවන මාත‍්‍රාව ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස රෝහලෙන් කළ දැනුම්දීමක් මත පවත්නා නිරෝධායන ඇඳිරි නීතිය හමුවේ ත‍්‍රිරෝද රථ කුලී පදනම මත ලබාගෙන උදෑසනම දික්ඔය මුලික රෝහල වෙත පැමිණ තිබේ.

දික්ඔය මූලික රෝහලේ සයිනොෆාම් නැතුව කලබගෑනියක්

දික්ඔය මුලික රෝහල වෙත එන්නත් ලබාගැනීමට පැමිණි පිරිසට රෝහල සංචිතයේ සයිනොෆාම් එන්නතේ දෙවන මාත‍්‍රාව ලබාදීමට එන්නත් නොමැති නිසා වෙනත් දිනයක පැමිණෙන ලෙස රෝහල් පාලන අධිකාරියෙන් කළ දැනුම් දීමක් මත මෙම උණුසුම් තත්ත්වය ඇති විය.

සයිනොෆාම් එන්නතේ දෙවන මාත‍්‍රාව ලබා ගැනීමට පැමිණි පිරිස රෝහල් පරිපාලනය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව දික්ඔය මුලික රෝහලේ පාලන අධිකාරියේ නිලධාරියකු කියා සිටියේ නුවරඑළිය දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයට ගැටළුව සම්බන්ධයෙන් දැනුවත් කළ බවත්, ඒ අනුව නුවරඑළිය දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල සංචිතයේ ඉතිරිව තිබෙන සයිනොෆාම් එන්නත් මාත‍්‍රා කිහිපයක් එවන බවට පොරොන්දු වූ බවය. එම එන්නත ලබා ගැනීමට ඊයේ (25 දා) දින පස්වරු 2.00 වන තෙක් කැමති අය රැඳී සිටින ලෙස රෝහල් පාලන අධිකාරිය විසින් කළ දැනුම්දීමක් මත එම පිරිස රෝහල් පරිශ‍්‍රයේ රැුඳී සිටිනු දක්නට ලැබිණි.

ඡායාරුප විස්තරය  එන්නත් ලබා ගැනීමට ජනතාව පැමිණ සිටි අයුරු.

නුවරඑළිය – නාලක රත්නායක
 

advertistmentadvertistment
advertistmentadvertistment