දික්ඔය රෝහලේ වෛද්‍යවරු නයිටිංගේල් පහන අතට ගනිති!

215

නුවරඑළිය – නාලක රත්නායක
 
දිවයින පුරා හෙදියන් විසින් ජූලි 01 දින සිට ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් දික්ඔය මූලික රෝහලට ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන්ට සහ නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන්ට හෙදියන්ගෙන් සිදු විය යුතු සේවය දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරුන් විසින් සිදු කරන ආකාරයක් දක්නට ලැබුණි.
 
 කඳුකරයේ ප‍්‍රධාන රෝහලක් වශයෙන් හැඳින්වෙන දික්ඔය මූලික රෝහලට සායන කටයුතු සඳහා විශාල රෝගීන් පිරිසක් පැමිණෙති. පැමිණ සිටි රෝගීන් රෝහලේ වෛද්‍යවරුන්, සේවයට පැමිණ සිටි කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන්ගේ සහයෝගය ඇතිව පරීක්ෂා කර බලා අවශ්‍ය ඖෂධ ලබාදීම රෝගී පැසසුමට ලක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment