දික්කසාද වුණාට සමාජයට බය නැහැ  – වොල්ගා කල්පනී

970

ජීවිතයට මොන විදිහේ හැලහැප්පීම් ආවත් ඒවාට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ශක්තිය ගැහැනියකට තියෙනවලූ. වොල්ගා කල්පනී කියන්නෙත් එහෙම කෙනෙක්. ‘පාරදිගේ. හරහා ඔබ හමුවට එන ඇය මීවිත සමග මේ විදිහට පිළිිසඳරකට එකතු වුණා.

දික්කසාද වුණාට සමාජයට බය නැහැ  - වොල්ගා කල්පනී

‘පාරදිගේ’ ටුටූව ආයෙත් දකින්න ලැබෙනවා?

ටුටූව දකින්න නැති කාලෙ ඒකට පේ‍්‍රක්‍ෂකයන්ගෙන් ලොකු ඉල්ලූමක් තිබුණ වගේම ඔවුන්ට ලොකු ප‍්‍රශ්නයක් තිබුණ. ටුටූ හැමදාම හැම කොටසකම හිටියෙ නැහැ. නමුත් නාට්‍යයේ පෙනුනත් නැතත් ඒ චරිතයට පේ‍්‍රක්‍ෂකයන්ගෙන් ලැබෙන ආදරයට විශේෂයෙන්ම සද්ධා අයියට ස්තූතිවන්ත වෙන්න ඕන. ටුටූ චරිතය දකින්න නොලැබුණේ පිටපතට අනුව සිද්ධ වුණ දෙයක් නිසා.

පසුගිය කාලයේ ‘මාණික්කාවත’ තුළිනුත් ඔබව දකින්න ලැබුණා?

මාණික්කාවත කියන්නෙ මම කළ පෙර පිනකට ලැබුණු ටෙලි නාට්‍යයක්. ඒ වගේම සුදත් රෝහණ මහත්මයා එක්ක වැඩකරන්න ඕන කියන හීනය මගේ ජීවිතේ තිබුණ. මාණික්කාවත හරහා ඒ හීනය හැබෑ වුණා. අති දැවැන්ත නිර්මාණයක්. ඒකට සියලූ දෙනාම එක වගේ මහන්සි වුණා.

දික්කසාද වුණාට සමාජයට බය නැහැ  - වොල්ගා කල්පනී

ඔබත් චරිත තෝරා බේරා ගන්නවාද?

මම ක්‍ෂේත‍්‍රයට ඇවිත් දැනට අවුරුදු අටයි. ඒ අවුරුදු අට තුළ නාට්‍ය පනහක් රඟපාල නැහැ. ඒකට තව බොහොම දුරයි. මම හැමදාම චරිතයක් භාරගත්තෙ තෝරාබේරාගෙන. ඒ වගේම මම හැමදාම ෂුටින් තියෙන කාර්යබහුල රංගන ශිල්පිණියක් වුණේ නැහැ. වැඩිපුර ඉන්නෙ ගෙදර. කොටස් තුන්හාරසීය යන නාට්‍යවල රඟපාන්නෙත් නැහැ. පාරදිගේ නාට්‍යයට සම්බන්ධ වෙන්න හේතුව වුණේ ජයප‍්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයා තමයි මාව ක්‍ෂේත‍්‍රයට හඳුන්වා දෙන්නෙ. එතුමාගෙ නාට්‍යවල දිග පළල මම හොයන්නෙ නැහැ. හොයන්න දේකුත් නැහැ. මොකද එතුමා වැඩක් කරනව නම් එක වැඩක්ම තමයි. පැහැසරා ටෙලි නාට්‍යයෙන් පස්සෙ අද වන තුරුත් මෙගා නාට්‍ය රඟපාල නැහැ.

අලූත් ආරාධනා?

මේ දවස්වල සුපුන් රත්නායක මහත්මයාගේ නිර්මාණයකට පෙර සූදානම් වෙනව. බොහෝ විට මැයි මාසයේ විතර වැඩ පටන්ගනීවි.

අද ඉන්න තැනට එන්න කට්ටක් කෑවද?

පාසලේ පහ හය පන්තිවල ඉඳන්ම මේ ක්‍ෂේත‍්‍රයට එන්න ගොඩක් මහන්සි වුණ කෙනෙක්. පාසල ඇරිල ‘රන් සිත් යාය. වැඩසටහනේ පෙර පුහුණුවීම් වලට සහභාගි වෙන්න මගේ අම්ම මාව බස් එකේ එක්කගෙන යනව. ජනප‍්‍රිය කියන දේට වඩා මම කැමති හොඳ කියන දේ මගේ නමට එකතුකරගන්න. කිසිම හදිසියක් නැහැ. මට දැනෙන නිර්මාණයකට මම එකතු වෙනව.

සමාජමාධ්‍යවල ඔබට විරුද්ධව මඩ ප‍්‍රචාර පළ වුණා. අද ඒවා දකින්නෙ කොහොමද?

මඩ ප‍්‍රචාර ගැන මම ඒ දවස්වලත් බැලූවෙ උපේක්‍ෂාසහගතව. කවුරු හරි හම්බකරගන්න කරන දෙයක්නෙ කියල. දැන් කාලෙ ත‍්‍රිරෝද රථ පදවන මහත්වරුන්ටත් යූ ටියුබ් චැනල් තියෙනව. මම විශ්වාස කරන දෙයක් තමයි කවුරු හරි අපේ චරිත ඝාතනය කරල හම්බකරල ඒකෙන් තමන්නෙ පවුලට කන්න දුන්නනම් හරි” තමන් මොනව හරි කෑවනම් හරි අපිට ඒක පිනක්. නමුත් මමත් එක්ක ඉන්න පේ‍්‍රක්‍ෂකයා දන්නව මොකක්ද වුණේ” මොකක්ද මම කරන්නෙ” මේවා ඇත්තද බොරුද කියන එක. පුවත්පත්” ටීවී නාළිකා මගේ පැත්තෙ හිටියා. ඒ කවුරුත් මඩ ගැහුවෙ නෑ. යූ ටියුබ් නාළිකා වලින් තමයි එයාලට වීව්ස් ගන්න හම්බකරගන්න ඒ දේවල් කළේ.

දික්කසාද වුණාට සමාජයට බය නැහැ  - වොල්ගා කල්පනී

වොල්ගා සමාජ මාධ්‍ය විරෝධීද?

මම සමාජමාධ්‍ය විරෝධියෙක් නෙමෙයි. නමුත් පොඩි කාලෙ ඉඳන්ම අසාධාරණයට බොරුවට තදින්ම විරුද්ධ කෙනෙක්. අපේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නව රංගන ශිල්පීන් ශිල්පිනියන්” ගායක ගායිකාවන්” නිවේදක නිවේදිකාවන් විතරයි දික්කසාද වෙන්නෙ පවුල් අවුල් කරගන්නෙ කියල. එහෙම නෑ. දොස්තරවරුත් දික්කසාද වෙන රටක් මේක. නමුත් ඒ අය ගැන කවුරුත් කතාකරන්නෙ නැහැ. අපිව මිනිස්සු දන්න නිසා ආදරේ වැඩිකමට වෙන්න ඇති අපි ගැන හොයන්නෙ.

තීන්දු තීරණවල වෙනසක් වෙයිද?

ඇත්තටම මට ලොකු පාළුවක් දැනෙන්නෙ නැහැ. අම්ම” තාත්ත” අක්ක” අක්කගෙ මහත්තය” දරුවො දෙන්න මට ඉන්නව. ගිය ඔහු සම්බන්ධයෙන් මම සියල්ල අමතක කරල නැහැ. අමතක කරන්න පුළුවන් වුණොත් එහෙම වුණ දවසට මම ජීවිතය අලූතින් පටන්ගනීවි. නැතිනම් විවාහයක් නොවී තනිකඩව ඉඳීවි.

වොල්ගා තනිකඩව ඉන්නත් සූදානම්?

මම මගේ ජීවිතයට කෙනෙක්ව ලේසියෙන් ළංකරගන්නෙ නැහැ. ළංකරගත්තොත් ලේසියෙන් අතහරින්නත් බැහැ. මේ වෙනකොටත් අවුරුදු හතරක්ම මම තනිකඩයි. ඒ අතීතය අමිහිරියි කියල මම මොනම වෙලාවකවත් කියන්නෙ නැහැ. ජීවිතේ බොහොම සුන්දර මතකයන් තියෙන්නෙ. මගෙත් එක්ක හිටපු අය” මාව දාල ගිය මේ අය කවුරු එක්කවත් තරහක් නැහැ. සමහර මතක අදටත් මට අමතක කරන්න අමාරුයි.

දික්කසාද ගැහැනියක් විදිහට ඔබ සමාජයට මුහුණ දෙන්න බයද?

ඒ ගැන මගේ හිතේ පොඩි බයක් වත් නැහැ. හැබැයි මට වැඩිය මගේ ගෙදර අය අපහසුතාවට පත්වෙන තැන් තියෙනව. මොකද මේක ලංකාව නිසා. මගේ දෙමව්පියන්ගෙ නෑදෑයො” අහල පහල අය” හඳුනන අය අහන්නෙ ඔයාගෙ දුව” ඔයාගෙ නංගි දික්කසාදයි නේද. ආයෙ බඳින්නෙ නැද්ද කියල. එතනදි ඔවුන් අපහසුතාවට පත්වෙන බව මම දන්නව. මම දන්න විදිහට ඉගෙනීම මදි අය තමයි එහෙම අහන්නෙ. බුද්ධිමත් අය එක්ක ජීවත් වෙන එක ප‍්‍රශ්නයක් නෙමෙයි.

ව්‍යාපාර කටයුතු කොහොමද?

වී ලොග් බයි වොල්ගා කියල ඔන්ලයින් ඇඳුම් ව්‍යාපාරයක් පටන්ගත්තා. ෆේස්බුක් හෝ ඉන්ස්ටර්ග‍්‍රැම් හරහා ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ වන විට හොඳ ප‍්‍රතිචාර ලැබෙනව.

වොල්ගා කලාව අතහරීවිද?

මට කවදාවත් රංගනය අතහරින්න බැරි වේවි. ඒකට මං පුදුම ආදරෙයි. ඒ වගේම කෑදරයි. ඒ වෘත්තියට ගොඩක් ගරුකරනව. ව්‍යාපාරය සහ රංගනය සමබරව කරගෙන යාවි.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment