දික්වැල්ලේ රන් මල්ලීගේ කෝටි 600 ක මත්කුඩු දකුණු මුහුදෙන් අල්ලයි

432

බෝට්ටු දෙකකින් රැගෙන ආ 10 දෙනකුත් මාට්ටු

දකුණු මුහුදේ දී ඊයේ (7 දා) අලුයම අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 300කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගය ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින දික්වැලලේ ‘රන් මල්ලී’ නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් හෙරොයින් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

දික්වැල්ලේ රන් මල්ලීගේ කෝටි 600 ක මත්කුඩු දකුණු මුහුදෙන් අල්ලයි

ධීවර යාත්‍රා දෙකක රැගෙන එමින් තිබූ මෙම හෙරොයින් තොගය සමග ශ්‍රී ලාංකිකයන් දස දෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවෝ දික්වැලල නිල්වැල්ල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධව මාස කීපයක් තිස්සේ කළ මෙහෙයුමකින් පසු මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි විය.

රන් මල්ලී නමැති මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරු කලක් හරක් කටා නමැති ජාවාරම්කරු යටතේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ අයෙකි.

මීට ටික කාලයකට පෙර රන්මල්ලී හරක් කටාගෙන් වෙන්වී තනිවම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීමට පටන්ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය සැකකරුවන් දස දෙනා සහ ධීවර යාත්‍රා 2 ක් ඊයේ උදෑසන ගාල්ල වරාය වෙත ගෙනැවිත් තිබිණි.

මෙම සැකකරුවන් සහ හෙරොයින් තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට කටයුතු කර ඇත.
හේමන්ත රන්දුණු හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment