දික්වැල්ල, මෙන්ඩිස් සහ ගුණතිකලට එරෙහි විනය පරීක්‍ෂණ මේ සතියේ

187

එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටියදී ජෛව ආරක්‍ෂිත බුබුළෙන් පිටව ගිය බවට චෝදනා එල්ල වූ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ක‍්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල සම්බන්ධයෙන් වන විනය පරීක්‍ෂණය මේ සතියේදී පැවැත්වීමට නියමිතය.
 
 ඔවුන් තිදෙනා සම්බන්ධයෙන් විනය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා පත්කළ විනය කමිටුව විසින් ගොනු කරන ලද චෝදනා පත‍්‍රවලට අදාළ ක‍්‍රීඩකයන් තිදෙනා උත්තර ලබාදී ඇති අතර ඒ අනුව අදාළ විනය පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතය.
 
 චෝදනා ලැබූ ක‍්‍රීඩකයන් තිදෙනාට එරෙහි විනය පරීක්‍ෂණ පැවැත්වීමට සුදුසු දිනයක් ලබාදෙන ලෙසට කි‍්‍රකට් ආයතනය විනය කමිටුව වෙතින් කරන ලද ඉල්ලීමක් අනුව ඒ සඳහා ක‍්‍රිකට් ආයතනය වෙත දින තුනක් ලබාදී ඇත.
 
 අදාළ ක‍්‍රීඩකයන් තිදෙනා විසින් චෝදනා පත‍්‍රවලට ලබාදුන් පිළිතුරු පිළිබඳව සෑහීමකට පත්වීමට නොහැකි නිසා මෙම විනය පරීක්‍ෂණය පැවැත්වේ.
 
 අදාළ ක‍්‍රීඩකයන් තිදෙනා සම්බන්ධයෙන් වන විනය පරීක්‍ෂණය සඳහා
 
 පස්දෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් පත්කර තිබිණි.
 
 විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද, නීතිඥ අසේල රැුකව, නීතිඥ උචිත වික‍්‍රමසිංහ සහ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්ලිව් ද සොයිසා යන මහත්වරු එහි සාමාජිකයෝ වෙති.
 
 පසුගිය 29 වැනිදා දිවයිනට කැඳවූ අදාළ කී‍්‍රඩකයන් තිදෙනා මීගමුව තරු තුනේ හෝටලයක නිරෝධායනයට යොමු කළ අතර අදාළ දින 14 ක නිරෝධායන කාලය නිමා වීමෙන් පසු ඔවුහු
 
 පසුගිය 13 වැනිදා හෝටලයෙන් නික්ම ගොස් ඇත.
 
 විනය පරීක්‍ෂණය පැවැත්වෙන තෙක් ඔවුන්ට තාවකාලික තරග තහනමක් පනවා ඇති අතර විනය පරීක්‍ෂණයේ නියමයන්ට අනුව ඔවුන්ට එරෙහි චෝදනා පත‍්‍ර සකස් කෙරෙන බව එම ආරංචි මාර්ග පවසයි.
 
 කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment