දික්…. (නොවිය යුතු) – කසාදය

706

සමාජ සම්මත අකාරයට විවාහය යනු විශ්වාසදායක සහ වාසනාවන්ත ලෙස යුග දිවිය ගතකිරීමේ ආරම්භයයි. විවාහය, ජීවිත දෙකක් සාංසාරිකව බැද තබන ෙඓශ්චර්යමත් ක‍්‍රියාදාමයකි. ඒ තුලින් මනුෂ්‍ය ජීවිතයේ සශ‍්‍රීකත්වය සහ ඊට ඇවැසි ධර්මතා ද පරිපූර්ණ වේ.

ඉන්දියානු සහ ශ‍්‍රී ලාංකීය පොත පතෙහි විවාහ ප‍්‍රභේද අටක් දක්වා ඇත ඒවා නම් බ‍්‍රහ්ම, දෛවත, ආර්ෂී, ප‍්‍රජාපතී, ආසුර, ගාන්ධර්ව, රාක්‍ෂ සහ පෛශාචී වශයෙන් නම්කර ඇත. ඉන් ප‍්‍රජාපතී’ සහ ගාන්ධර්ව විවාහයන් උතුම් බව පැරණි මුනිවරු පවා සනාථ කර ඇත.

ඔවුනොවුන්ගේ කැමැත්ත අනුව සිදුකරන විවාහය ගාන්ධර්ව විවාහයයි. සියලූ ඥාතීන්ගේත් එම දෙදෙනාගේත් කැමැත්ත මත ආශිර්වාද මධ්‍යයේ සිදුකරන විවාහය ‘ප‍්‍රජාපතී’ විවාහයයි.

උගත් සහ ධනවත් යෞවනයකු බලාපොරොත්තු නොවුන අවස්ථාවක වස්ත‍්‍රාදිය පිරිනමා කුමරියක විවාහ කරදීම ‘බ‍්‍රහ්ම’ විවාහය වශයෙන් සැලකේ. යාගහෝම ආදී චාරිත‍්‍ර කර කාන්‍යාව සරණපාවාදීම ‘‘දෛව’’ විවාහයයි. ගොන් බානක් හෝ දෙනුන් බානක් ලබාගෙන යාගහෝම සිදුකර කන්‍යාවක් සරණ පාවාදීම ‘‘ආර්ය’’ විවාහය වශයෙන් හැඳින්වේ. තම ශක්ති ප‍්‍රමාණයට සරිලන ධනයක් ලබාදී දෙපාර්ශවයේම කැමැත්ත මත සිදුකරන විවාහය ‘ආසුර’ විවාහයයි. කන්‍යාවියගේ පාර්ශවයට තළාපෙළා හිරිහැර කොට, ඇයව බලයෙන් පැහැර ගොස් සිදුකරන විවාහය ‘රාක්‍ෂ’ විවාහය වශයෙන් පෙන්වා දී ඇත. යෞවනිය මත්කොට හෝ නිදිගත්විට ඇය වෙත රහසින් පැමිණ ඇය හා බැඳීමෙන් සිදුවනු විවාහය ‘‘පෛශාච’’ විවාහයයි.. මෙවැනි විවාහ ප‍්‍රභේදයන් සුලබව දක්නට ලැබුනේ ඉන්දියානු සංස්කෘතිය තුලයි.

එබදු මතිමතාන්තර මෙන්ම දේශීය වශයෙන් පැවත එන සාම්ප‍්‍රදායික පිළිවෙත් හා ජ්‍යොති ශාස්ත‍්‍රීමය සිද්ධාන්තයන් විවාහය ස`දහා නිවැරදි මග පෙන්වීමක් කරන බව පිළිගන්නා පිරිස ඉතා අල්පය. මේ නිසා බලාපොරොත්තු බිඳවැටී දික්කසාදයට ගොදුරු වන පිරිසද දිනෙන් දින බහුල වන බව සංඛාලේඛන වලින් තහවුරු වේ. මෙයින් පැහැදිලි වෙන්නේ වර්තමානයේ ජ්‍යොතිෂ්‍ය රීතීන් පිළිබඳ මහජනයා තුල ඇති අනවබෝධය සහ කළ හැකි පිළිවෙත් පවා නොසලකා හැරීමයි.

කුමන ඉපැරණි ශාස්ත‍්‍රීිය ක‍්‍රමයක් වුවද ගොඩනැගී ඇත්තේ මනුෂයාගේ නිවැරදි පැවැත්ම උදෙසා ස්වකීය ජීවිත සුඛිත මුදිත කිරීමට බව අවිවාදයෙන්ම පිළිගත යුතුමය.

කුකුලෙකු මැණික් ගල් මතුකොට පොළොව මත තැබුවද ඌ තම පයින් පීරා මතුකර සොයාගනු ලබන්නේ උගේ ආහාරය ස`දහා ඇවසි ගැඩවිල් පණුවෙක්මය. මැණික් ගලක ඇති වටිනාකම පිළිබඳව කුකුලාට අවබෝධයක් නැත. තම සහකරු හෝ සහකාරිය තෝරාගැනීමේ දී සාංසාරික උරුමය සහ ඒ හා බැඳුනු කර්ම ශක්තිය ඉතා ප‍්‍රභලව ක‍්‍රියාත්මක වන බවට මෙය කදිම උපහැරණයකි. පෘතුලව කෙළෙස් ජනනය වන මනුෂ්‍ය සිත් ආශාවෙන් බරිත වූ විට ස්වකීය කර්මයට ගොදුරු වෙනවා විනා එක්තරා ප‍්‍රමාණයකට හෝ ස්වකීය කර්මය අභිබවා යා හැකි සම්ප‍්‍රදායික ක‍්‍රමවේදයන්ට ගරු කිරීමට ඔවුන් මැලි වෙති. කර්ම න්‍යාය එතරම්ම බලවත්ය.

විවාහය පිළිබඳ තීරණ ගැනීමේදී නිවැරදි ගුරු උපදේශ සහ ජ්‍යොතිෂමය සිද්ධාන්ත ප‍්‍රයෝජනයට ගනු ලබන්නේ අතලොස්සකි. ඔවුහු නියතව අයහපත්, දුක්ඛිත විවාහ කර්ම ශක්තියක් උරුම නැති පින්වත් පිරිසකි. එබැවින් ඔවුන්ගේ විවාහ විනාශකාරී අවසානයක් දක්වා ගමන් නොකරති.

යම් ස්ත‍්‍රියෙකගේ හෝ පුරුෂයකුගේ ජීවිතයේ දෙවැනි උපත විවාහයයි. එහි පැවැත්ම තහවුරු කරගන්නා අයුරු මෙන්ම අනර්ථකාරී අවස්ථාවක් මගහරවා ගත හැකි ක‍්‍රමවේද ජ්‍යොතිෂමය සිද්ධාන්ත තුල අන්තර්ගතව ඇත. ශාස්ත‍්‍රය මනාව පරිහරණය කරන බුද්ධිමත් ජ්‍යොතිශාස්ත‍්‍රඥයකුගේ උපදෙස් ලබාගැනීම මේ සඳහා ඉමහත් පිටිවහලකි. විවාහයට ගොදුරු වන ජන්මියාගේ පෙර පින් සහ බුද්ධිය විනිශ්චය කොට ඒ අනුව උපදෙස් දීම ජෝතිර්වේදියාගේ කාර්්‍ය භාරයයි.

හත අධිපතිගේ බලය සහ එහි පැවැත්ම මත විවාහයද, හත සහ එක අධිපතීන් අතර පවතින සබඳතාවය මත විවාහය පවතින ආකාරය ද තීරණය වේ. කේන්ද්‍රයේ දෙක, අට මෙන්ම හය, දොළහ පිළිබ`දව විමර්ශනයකින් විවාහයේ සරු නිසරු බවද සහ බිරිඳ සැමියා යන දෙදෙනා අතර පවතින බැදීම වල ස්වභාවය දැන ගත හැකිය. එමෙන්ම ඒ සබඳතා තුලින් ලබන තෘප්තිය, අතෘප්තිය පිළිබඳ ව විනිශ්චය කළ හැකිය. ජ්‍යොතිෂයේදී විවාහ කාරකත්වය සිකුරුට හිමිවන බැවින්, ජන්මියාගේ ජන්මපත‍්‍රයේ සිකුරු පිහිටා ඇති ආකාරය පිළිබ`දව ද සැලකිළිමත් විය යුතුය.

විසන්ධිය, විසිරී යාම, බෙදී වෙන් වීම, අතහැරීම, අසාර්ථකවීම සහ විවාහය නාම මාති‍්‍රක තත්ත්වයකට පත්වීම යන තත්ත්වයන් සළකා බලන්නේ දික්කසාදය යටතේය. මේ සඳහා ජන්මියාගේ මානසික ස්වභාවය නෛතිකව විවාහය විසන්ධි කිරීමට උපදෙස් දීමේදී සළකා බැලිය යුතුය.

කුජ / කේතු, කුජ/ ශනි, කුජ/ රාහු, ශනි/ ශුක‍්‍ර, ශනි /රාහු, ශනි /රවි, ශුක‍්‍ර/ රාහු පමණක්ම නොව චන්ද්‍ර/ කුජ, චන්ද්‍ර /රාහු, කුජ /ශුක‍්‍ර, ගුරු /බුධ යන ග‍්‍රහ යෝගයන්ට විවාහය විසන්ධි කිරීම කෙසේ වෙතත් අවම වශයෙන් නඩු නිමිත්ත පහළ කරදීමේ ශක්තිය ඇත. කේන්ද්‍රවල ගුරුගේ පිහිටීම ප‍්‍රධානව, හත සහ අට, හත සහ දෙක, අට සහ දෙක, සහ හත එක අධිපතියන්ගේ තත්ත්වයද ජන්මියා උරුම කරගත් ස්ත‍්‍රී හෝ පුරුෂ මර යෝග, විෂ කන්‍යා යෝග සහ වක‍්‍ර ආකාරයෙන් හෝ විවාහ භංග වන යෝගද ජ්‍යොතිෂ  ඇසට ළක් විය යුතුයි. මේවා මැනවින් සසඳා, ගළපා, විවාහය තීරණය කළ යුතුයි. මන්ද, විවාහයේ අරමුණ විය යුත්තේ ජීවිතය සැපවත් කරගැනීමට මිස දික්කසාදය දක්වා කනගාටු දායක ලෙස ගෙනයෑමට නොවේ.

මේෂ – වෘශ්චික දෙකට ශුක‍්‍රද, වෘෂභ – තුලා දෙකට කුජද මිථුන – කන්‍යා දෙකට ගුරුද, කටක – සිංහ දෙකට ශනිද, ධනු – මීන දෙකට බුධද මකරයට සදුද, කුම්භයට රවිද වශයෙන් ඒ ඒ රාශින්ට හත අධිපතිත්වය හිමිවේ.

හත අධිපතියා හතේම බලවත්වීමෙන් හා වෙනත් ශුභ දෘෂ්ටි ලැබීම නිසා භෞම සහ වෛධව්‍ය විවාහ දෝෂ භංග වී විවාහය ඉතා ශක්තිමත් වේ. එවැනි විවාහ ඵලදායක බව ‘සිද්ධාන්ත සාරය’ ග‍්‍රන්ථයේ පෙන්වාදී ඇත. හත අධිපති ලග්නාධිපති සමඟ එක්ව මිත‍්‍ර දෘෂ්ටියක් සහිතව සිටීම විවාහයේ පැවැත්ම ඉතා සතුටුදායක බවට සාක්ෂියකි.

එහෙත් හත අධිපති සමග ලග්නාධිපති සමග සිටින අතරම නපුරු ග‍්‍රහ දෘෂ්ටි වලට ගොදුරු වීමද, හත අධිපති බලයෙන් පිරිහීමද, හත අධිපති හය, අට, දොළහ හෝ දෙක අධිපතීන් සමඟ යෝගවීම මෙන්ම එම ග‍්‍රහයින් අතර නපුරු දෘෂ්ටි සහිත වීමද විවාහය අවුල්කරවීමට හේතු වේ. මෙම කරුණු ඇත්නම් විවාහය විනාශ වීමේ බලය දෙදෙනා තුළින්ම ස්වයංව කි‍්‍රයාත්මක වනු ඇත.

ගුරුගෙන් යෙදෙන සම අංශක දෘෂ්ටීන් මත මෙම දෝෂය භංග කිරීමේ හෝ ඌන කිරීමේ බලය ක‍්‍රියාත්මක වේ. හත අධිපතියා හය, අට, දොළහ යන තැන්වල පිහිටීමෙන් බොහෝවිට විවාහය පිළිබඳ කුමන අංශයකින් හෝ විවාහ ව්‍යාකූලතා මතුකර දෙනු ලබයි. ග‍්‍රහයන් විවිධ භාවවල තැන්පත් වී අශුභ දෘෂ්ටි පතිත වී බලයෙන් හීන වීමද (උදාහරණයක් ලෙස ලග්නය තුලාව වී 12 වැන්නේ සිටින කුජ සහ ශුක‍්‍රට, රාහු හෝ කේතුගේ සංයෝගයක් සහිතව නපුරු දෘෂ්ටියකට හසු වී සිටීම) ඉතා අහිතකර තත්ත්වයන් විවාහය තුළින් උදාකර දීමට පාදක වේ. මෙවැනි ජන්ම ලාභියෙක් විවාහය නිසා විඳවන අකාරය සමාන කළ හැක්කේ දීර්ඝ කාලයක් පුරා පීඩාවිඳින සුවකළ නොහැකි කුෂ්ඨ රෝගයෙකුටය. අවසානයක් නොදැක දීර්ඝ කාලයක් පීඩා විඳීම මෙහි ලක්ෂණයකි.

හත අධිපති හයේ හෝ අටේ සිටීමෙන් විවාහයක් පවත්වාගෙන යාමට බාධා ඇතිවේ. එම බාධාවන්ට තුඩු දෙන කරුණු ඔවුනොවුන් තුලින් මතුවන අතර අන් අයට දෝෂාරෝපණය කළ නොහැක. තුලා ලග්නයෙන් ඉපදී කුජ 8 හා ශනි 2 සිටීමෙන්ද හිතුවක්කාරී බැදීම් බාල කාලයේදීම පටන් ගනු ඇත. නමුත් එවැනි බැඳීම් තුලින් විවාහ ඇතිවන්නේ නැති තරම්ය. යම් හෙයකින් විවාහ වුවොත් වැඩිකළ් නොගොස් විසන්ධි වේ. හතඅධිපති හයේ ඉඳ, කුජ- ශනි සප්තවම යෙදී අංශක වශයෙන් සමවීමෙන්ද (2-8, 5-11, 4-10) ලග්නාධිපති අටේ සිටීමෙන් විවාහය අනවබෝධයෙන් සිදුවන අතර විවාහය දෙදරා යන තුරුම විවාහය ඉතා නීරස සහ අවුල් සහගත වේ. මෙහිදී ජන්මියාගේ ලග්නය මිථුන නම් ඔහු හෝ ඇය අධික වූ පීඩාකාරී තත්ත්වයකට පත්වනු ඇත.

ලග්නය තුලා වී, කුජ අටවැන්නේ සහ ශුක‍්‍ර කේතු සමග හය වැන්නේ සිටීනම්, විවාහ සහකරු සතුරෙකි. උරුමය සතුරු විවාහයකි. මෙබඳු අහිතකර යෝග ගුරුගේ සම අංශක ශුභ දෘෂ්ටීන්ට ලක්වීමෙන් දෝෂය කි‍්‍රයාත්මක වීමේ ප‍්‍රවනතාවය හීන කරනු ඇත.

මෙහිදී සතුරු විවාහය යනු ආගම, තරාතිරම නොගැළපෙන බව හා විශේෂයෙන්ම මානසික හා කායික වශයෙන් නොගැළපීමයි. සාමුහිකව කි‍්‍රයාකිරීමේදී අන්‍යන්‍යෙ එකඟතාවයක් ඇති නොවීමද එක් කරුණකි. භෞම සහ වෛධව්‍ය දෝෂයන් නිසිලෙස සම නොවන ඕනෑම දෙදෙනකුගේ විවාහය නෛතික වශයෙන්ම වෙන් නොවුනද, තදබල මානසික පීඩාවන් මධ්‍යයේ නාම මාත‍්‍රිකව පැවතීම කරුමයේ උරුමයෙකි.

කෙසේ නමුඳු විවාහය පමණක්ම නොව මිත‍්‍ර බැඳීම් වලටද ජ්‍යොතිෂයේදී කුජ ශනි යෝගයට ලැබෙනුයේ විශේෂ වූ අවධානයකි රාහු හත් වැන්නේ සිටීමනේ ජන්මියා රැවටීමකට හසුවී විවාහයට පත්වීම හෝ විවාහ දෙකකට හෝ සබඳතා රැුසකට ගොදුරු වීමට ඉඩකඩ ඇත.

ජ්‍යොතිශාස්ත‍්‍රඥ –  බී. එස්. යූ. කේ. දිසානායක

advertistmentadvertistment
advertistmentadvertistment