දිගටම ඉල්ලා ස්ටාලින් උසාවි යයි

144

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේදී පසුගිය 25 වැනිදා ඇතිකර ගත් එකඟතාව අනුව අපොස උසස් පෙළ විභාගය අවසන් වනතුරු රටේ කිසිදු ආකාරයකින් විදුලිය….

විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙසට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා හා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමයේ මහ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඊයේ (01දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

පළමුවන වගඋත්තරකාර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ හා දෙවන වගඋත්තරකාර විදුලිබල අමාත්‍යවරයාගේ ක්‍රියා මෙන්ම නොකරහැරීම් මගින් ඔවුන් මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින තුන්ලක්‍ෂ තිස්එක්දහසකට අධික සිසු දරු දැරියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරන තීන්දු ප්‍රකාශයක් නිකුත්කරන ලෙසට ද හෙතෙම එමගින් ඉල්ලා තිබේ. නීතිඥ ඩී. පී. කෞෂල්‍යා සමරවීර මහත්මිය මගින් ගොනුකර තිබූ එම පෙත්සමේ සෙසු වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, විභාග කොමසාරිස් ජනරාල්වරයා හා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර ඇත.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment