දිගින් දිගටම පාඩු ලැබූ වතු සංවර්ධන මණ්ඩලය ලාභ ලබයි

277

දිගින් දිගටම පාඩු ලබමින් තිබූ ජනතා වතු සංවර්ධන මණ්ඩලය ලාභ ලබන තත්ත්වයට පත්ව රුපියල් මිලියන 4.5 ක ප‍්‍රසාද දීමනා වශයෙන් ගෙවා ඇත.

ප‍්‍රසාද දීමනා වශයෙන් සේවකයන් 429 දෙනකුට රුපියල් 5000 බැගින් ද වසරකට වඩා අඩු සේවකයන් 46 දෙනකුට රුපියල් 2000 බැගින් ද ලබාදී තිබේ.

මෙයට අමතරව ආයතනයේ සේවක සේවිකාවන්ගේ දරුවන් 129 දෙනකුට රුපියල් 1500 බැගින් තෑගි වවුචර් පත් ප‍්‍රදානය කර ඇත.

ජනවසම ප‍්‍රධාන කාර්යාලයේ හා ඊට අයත් වතු කාර්යාලවල සේවය කරන වසර 25 කට වඩා සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක සේවිකාවන් 76 දෙනකුට රුපියල් 25000 බැගින් මූල්‍ය ප‍්‍රදානයක් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment