දිගු නිහැඬියාවකින් පසු වෛද්‍ය ශිෂ්‍ය සාලිය උඩුවැල්ලගෙන් ඉංග‍්‍රීසි ගීතයක්

191

ඔහු කුඩා කල සිටම ගීත ගායනා කළ අයෙකි. ඒ වගේම ඕගන්, පියානෝ, ඩ‍්‍රම්ස්, ගිටාර් වැනි භාණ්ඩ වාදනයටත් හපනෙකි. රුසියාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් වෛද්‍ය උපාධිය හදාරන ඔහු, සාලිය උඩුවැල්ල.

පාසල් වියේ දෙවන වසර සිටියදී ගීත ඇල්බමයක් නිකුත් කළ සාලිය මේ වනවිට වරින් වර ගීත 12 ක් එළි දක්වා ඇත. ඒ අතරින් පුංචි පුංචි මල්, මේ ගසේ, මුහුදු රැුල්ල, ඇය මා හා, තාත්තා වගේ, මල් හැමදාමත් , බුදු ගුණ, හිත පූදින්නෙත්, පෙම් සිත් යායේ, මායම් කතාවේ යන ගීත ජනප‍්‍රිය විය. ආචාර්ය අජන්තා රණසිංහ, බන්දුල නානායක්කාරවසම්, වසන්ත දුක්ගන්නාරාල, කසුන් කොන්ඩසිංහ, ගීතනාත් කුඩලිගම, දිසානායක අලූත්ගෙදර, විමලසිරි උඩුවැල්ල පදරචනා කර ඇති මේ ගීත සංගීතවත් කර තිබෙන්නේ අනුශ්ක දසනායක , අතුල ලියනාරච්චි සහ වික‍්‍රමපාල පල්ලියමුල්ල විසිනි.

ඔහුගේ අලූත්ම ගීතය වන්නේ (intoxicate me) ඉන්ටොක්සිකේට් මී ගීතයයි. එය ඉංග‍්‍රීසි ගීතයකි. ජනප‍්‍රිය ප‍්‍රවීණ ගීත රචකයෙක් වන විදේශික ජාතික ලෙස්ලි ෆිශ් මහතා සහ සාලිය උඩුවැල්ල එක්වී රචනා කළ මෙම ගීතයේ තනුව ලෙස්ලි ෆිශ්ගේ වන අතර සංගීත සංයෝජනය කර තිබෙන්නේ අනුශ්ක දසනායක විසිනි. ප‍්‍රවීණ සංස්කාරකවරයකු වන නිශාන් බී මෙහි සංස්කාරකවරයාය.

යූ ටියුබ් හි ප‍්‍රචාරය වන මෙය සතියක් ඇතුළත 65000 ක් නරඹා තිබුණි. එතෙර රටවල හොඳ ප‍්‍රතිචාරයක් ඇති මේ ගීතය ඇප්ප්ලෙ මුසිජ, පොටිෆ්ය් , ඇමෙසොන් වලින් සවන් දිය හැකිය. ලංකාවේ රූපවාහිනී නාලිකාවල ද ප‍්‍රචාරය වේ.

ලොව පුරා වෛද්‍ය ශිෂ්‍යයන් සහ වෛද්‍යවරුන් විශාලතම සංඛ්‍යාවක් සිටින ෆේස්බුක් පිටුවෙන්ද මෙය හුවමාරු කර තිබීම ලංකාවට ලැබුණු ගෞරවයකි. එමෙන්ම ලෝකයේ විශාලතම ප්ලයි ලිස්ට් පවත්වාගෙන යන පිටුවේද ජාත්‍යන්තර ගායකයන් හා සාලියගේ ගීතය ඇතුළත්ය. රෝගීන් සුවපත් කිරීමට සංගීත චිකිත්සාවක් ලෙස ආරම්භ කිරීම සාලියගේ බලාපොරොත්තුවය. සාලිය ගේ පියා රිජ්වේ ආර්යා ළමා රෝහලේ භෞතචිකිත්සක අධිකාරි ජාලිය උඩුවැල්ල වන අතර මව කොලඹ ජාතික රෝහලේ ප‍්‍රධාන භෞතචිකිත්සක අරෝශා ජයවර්ධන වේ.

advertistmentadvertistment
advertistmentadvertistment