දිනකට පැය 1 1/2ක් වත් ලයිට් නොකැපුවොත් ලබන මාසයේ රටම අඳුරේ

179

දිනකට පැය එකහමාරක් විදුලිය කපා සීමිත විදේශ විනිමය ප‍්‍රමාණය ඉතිරි කර නොගතහොත් පෙබරවාරි අග සිට රට අඳුරට යනු ඇතැයි බළශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

පැය විසිහතරම මෙලෙස විදුලිය ලබාදෙමින් තිබෙන සීමිත විදේශ විනිමය අවසන් කර ගතහොත් පෙබරවාරි අග වනවිට ඉන්ධන ආනයනයට මුදල් නොමැති විය හැකි බවද ඒ මහතා කියා සිටී.

පැය එකහමාරක් විදුලිය නොමැතිව සිටීම ජනතාවට යම් අපහසුතාවක් වුවත් එය දරාගත හැකි දෙයක් යැයි ද එසේ නොකර එකදිගට විදුලිය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන ගොස් එක පාරටම පැය තුනක කාලයක් විදුලිය අහිමිකරනවා දැයි තීන්දුව ගන්නවාද කියා තීරණය කළ යුතු බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

 

advertistmentadvertistment
advertistmentadvertistment