දිනකට සහල් කිලෝ හතළිස්දහසක් නිපදවන පන්නගමුව රජයේ වී මෝල තිබියදී – වී සහල් කරන්න පෞද්ගලික මෝල් හිමියන්ට දීලා

477

* සුණුසාල් සහ සහල් කුඩු ආදායමත් නෑ

* මෝල නැවතිලා වී අලෙවි මණ්ඩලයේ

* හම්බන්තොට දිස්ති‍්‍රක් කළමනාකරු


සක‍්‍රීයව පවතින පන්නගමුව සහල් සංකීර්ණයේ වී මෝල

තිස්සමහරාම පන්නගමුව සහල් සංකීර්ණය සතුව පවතින රජයේ වී මෝල සක‍්‍රීයව පවතිද්දී වී අලෙවි මණ්ඩලය පෞද්ගලික සහල් මෝල් හිමියන්ට වී ලබා දී සහල් නිෂ්පාදනය කරගන්නා බවට අනාවරණය විය.

වී අලෙවි මණ්ඩලය වසර ගණනාවක සිට මෙසේ පෞද්ගලික මෝල් හිමියන්ට වී ලබා දී සහල් නිෂ්පාදනය කර ගැනීමෙන් මණ්ඩලයේ ඉහළ නිලධාරීන් අයථා ලෙස ලාභ උපයා ගැනීමෙන් සතොසට ලැබිය යුතු විශාල ආදායමක් ද අහිමි වි තිබේ.

සහල් නිෂ්පාදනයේ දී අතුරු ඵලයක් ලෙස ලැබෙන සුුණුසාල් හා සහල් කුඩුවලින්ද ලැබෙන අමතර ආදායමද සතොසට අහිමි වී තිබේ.

මේ පිළිබඳව වී අලෙවි මණ්ඩලයේ හම්බන්තොට දිස්ත‍්‍රික් කළමනාකරු පැවසුවේ, පන්නගමුව සහල් සංකීර්ණයේ වී මෝල අක‍්‍රීයව පැවැතීම හේතුවෙන් පෞද්ගලික මෝල් මගින් සහල් නිෂ්පාදනය කර ගන්නා බවය. එහෙත් අප ඒ පිළිබ`දව සොයා බැලිමේ දී පන්නගමුව සහල් සංකීර්ණය සතු වී මෝල සක‍්‍රීයව පවතින බව අනාවරණය විය.

මෙසේ සක‍්‍රීයව පවතින රජය සතු මෙම සහල් මෝලෙහි පවතින ධාරිතාව අනුව දිවා ? දෙකෙහි යන්ත‍්‍ර කි‍්‍රයාත්මක කිරීමෙන් දිනකට සහල් කිලෝ හතළිස් දහසක් නිෂ්පාදනය කළ හැකි බව පැවැසේ.

මෙවැනි සහල් මෝලක් රජය සතුව පවතිද්දී සහල් නිෂ්පාදනය කිරීම සඳහා මෙසේ පෞද්ගලික මෝල් වෙත වී ලබාදීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම සැකයට තුඩුදෙන කරුණක් බවද වී අලෙවි මණ්ඩලයේ සේවකයන් මෙන්ම මහජනතාව පවසති.

පන්නගමුව පිහිටි රජයේ සහල් මෝල පිළිබඳව අප එහි කළමනාකරුගෙන් කරුණු විමසුවත් ඉහළ නිළධාරින්ගේ අවසරයක් නොමැතිව කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකි බව ඔහු ප‍්‍රකාශ කළහ. එහෙත් එම සහල් මෝල සක‍්‍රීයව පවතින බව ඔහු පැවැසීය.

පාරිභෝගිකයාට අවශ්‍ය සහල් නිෂ්පාදනය කිරීමට රජයේම ආයතනයකට වී ලබාදී රාජ්‍ය ආයතන දෙකක් අතර මුදල් හුවමාරු වීම තුළින් රජයට පාඩුවක් සිදු නොවන පසුබිමක, රජයේ මුදල් පෞද්ගලික මෝල් හිමියන් වෙත ලබාදීම තුළින් නිලධාරීන් විසින් රජයට විශාල පාඩුවක් සිදු කරන බවට චෝදනා කරන ජනතාව, පෞද්ගලික මෝල් හිමියා සහ වී අලෙවි මණ්ඩලයේ ඉහළ නිලධාරීන් අනියම් ලෙස ලාභ උපයා ගන්නා බව පවසති.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment