දිනකදී වැඩිම මරණ වාර්තා වේ

313

මෙරටින් ඊයේ (10) දින කොවිඩ් මරණ 118ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වන අතර ඊයේ දින වාර්තා වූ අතර එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5340ක් දක්වා ඉහළගොස් ඇත.ඊයේ තහවුරු කළ එම මරණ අතර කාන්තාවන් 39 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 79 දෙනෙකුද සිටී.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 101 දෙනෙකු සිටි බව සෞඛ්‍ය අංශ කළ නිවේදනයේ සඳහන් වේ.
මේ අතර ඊයේ දින මෙරටින් කොවිඞ් ආසාදිතයන් 2904ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 331074ක් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment