දිනක් ඇතුළත හැදුණු සමාගමකින් පොහොර ගෙන්නුවේ කොහොමද… විජිත හේරත් අසයි

325

ඉහළින් ආ ඉල්ලීමකට අනුව ටවුන්හෝල්හි බැංකු ශාඛාවකින් නිකුත් කළ ඇමරිකානු ඩොලර් මිලියන 1.275 ක් පෞද්ගලික ගිණුමක තැන්පත් කර පසුගිය 18 වැනිදා ආරම්භ කළ යුනියිටඞ් ෆාමස් ට‍්‍රස්ට් එකවුන්ට් නමැති සමාගම හරහා ඉන්දියාවෙන් නයිට‍්‍රජන් පොහොර ගෙන්වා ඇතැයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මහතා ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙහි සාමාජිකයන් වන්නේ ජී. එම්. පෙරේරා සහ ජී. එම්. වීරසිංහ යන පුද්ගලයන් දෙදෙනා බවත් මෙලෙස දිනක් ඇතුළත ආරම්භ කළ සමාගමක් හරහා ශී‍්‍ර ලංකාවට පොහොර ගෙන්වීමට කටයුතු කිරීම ගැන පැහැදිලි කරන ලෙස තමා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම කීවේය.  එසේම මෙම රුපියල් කෝටි 29 ක මුදලින් පොහොර ගෙන්වීම සඳහා වියදම් කර ඇත්තේ රුපියල් නවකෝටි විසිලක්‍ෂයක් පමණක් බවත් ඉතිරි මුදල් ශී‍්‍ර ලංකා රුපියල්වලින් ලබාදෙන ලෙස ඉල්ලා සිටීම ද ගැටලූ සහගත බවත් විජිත හේරත් මහතා පැවසීය.

 අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment