දිනක වැටුප රු. 1000 කරන්නැයි වතු 08 ක කම්කරුවෝ ලිඳුල නගරයේ උද්ඝෝෂණයක

68

* වැඩිකළ වැටුප දෙන තෙක් අද සිට අඛණ්ඩව වැඩ වරනවා

– ලංකා කම්කරු කොංග‍්‍රසයේ උප සභාපති

* වැටුප් සහ පොහොර ප‍්‍රශ්නය හමුවේ  තේ කර්මාන්තය අනතුරේ

– වතු සමාගමේ උසස් නිලධාරියෙක්

දිනක වැටුප රු. 1000 කරන්නැයි වතු 08 ක කම්කරුවෝ ලිඳුල නගරයේ උද්ඝෝෂණයක

රජය විසින් වතු කම්කරුවන්ට වැඩිකළ රු. 1000 දෛනික වැටුප ලබාදෙන ලෙස ආගරපතන වැවිලි සමාගමට බල කරමින් එම වතු සමාගමට අයත් වතු 08 ක වතු කම්කරුවන් තලවකැලේ ලිඳුල නගර මධ්‍යයේ ඊයේ (12 දා* උද්ඝෝෂණයක නිරත විය.

වැටුප් පරිපාලක සභාව විසින් වතු කම්කරුවෙකු සඳහා පැය 08 ක කාලයක් සේවය කිරීම වෙනුවෙන් රු. 1000 ක දෛනික වැටුපක් ගෙවන ලෙස කම්කරු අමාත්‍යාංශය විසින් චක‍්‍රලේඛණයක්ද නිකුත් කර තිබුණි.

එම චක‍්‍රලේඛනයට පටහැනිව කටයුතු කරමින් ආගරපතන වැවිලි සමාගම එම වැටුප ගෙවීමට දිනකට නෙලන තේ දළු ප‍්‍රමාණය වැඩිකරන ලෙසටත්, එසේ තේ දළු නෙලන්නේ නැති වතු කම්කරුවන් වෙනුවෙන් වැටුපෙන් අඩක් ගෙවීමටත් සමාගම කටයුතු කරමින් සිටින බව උද්ඝෝෂණයේ නියැලී සිටි කම්කරුවන් කියා සිටී.

තේ වතුවලට රසායනික පොහොර කාලයක් තිස්සේ යොදා නොමැති නිසා තේ පලදාව අඩුවීම හමුවේ වතු පාලන අධිකාරිය ඉල්ලන තේ දළු ප‍්‍රමාණය නෙලා දිය නොහැකි බවද වතු කම්කරුවන් කියා සිටියහ. ආගරපතන වැවිලි සමාගමට අයත් ඇල්බියන්, ටොරිංටන්, ග්ලාස්ගෝ, ඩයගම ඇතුළු වතු 08 ක කම්කරුවන් මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ. උද්ඝෝෂණයට එක් වූ ලංකා කම්කරු කොංග‍්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පී. සත්‍යවේල් මහතා කියා සිටියේ, රජය විසින් වතු කම්කරුවන්ට වැඩිකළ රු. 1000 වැටුප ලබාදෙන තෙක් අද (13 දා* සිට ආගරපතන වැවිලි සමාගමට අයත් සියලූම වතුවල වතු කම්කරුවන් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි.

මෙම ගැටලූව සම්බන්ධයෙන් අප එම වතු සමාගමේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසුමකට අනුව ඔහු කියා සිටියේ, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සහ රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හමුවේ තේ කර්මාන්තය කඩා වැටීමේ අවදානමකට මේ වනවිට පත් වී ඇති බවයි.

නුවරඑළිය – නාලක රත්නායක
 

advertistmentadvertistment
advertistmentadvertistment