දිනපතා ඉන්ධන දෙනවා නම් මිල  අඩුවීමේ වාසිය ජනතාවට දෙනවා – ගැමුණු විජේරත්න

114

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා අඛණ්ඩව ඉන්ධන ලබාදීමට රජය ක්‍රියා කරන්නේ නම් ඉන්ධන මිල අඩුවීමේ සහනය ජනතාවට ලබාදීමට සූදානම් බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

ඊයේ (18දා) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව පැවසීය.

එහිදී ඒ මහතා මෙසේද කීවේය.

“මිල සූත්‍රය අනුව අඩු කළ ඉන්ධන මිලේ සහනය රටේ ජනතාවට ලබාදෙන්න සූදානම්. නමුත් අපිට දෛනිකව ඉන්ධන ලබාදිය යුතුයි. අද බස් රථ ප්‍රමාණය ඉක්මවා මගීන් ගෙන යෑම නිසා බස් රථ අබලන් වෙලා. එය විශාල අර්බුදයක්. අපිට ලංගම හරහා ඉන්ධන ලබාදෙන්නේ ඉතා සීමිතව. දින කීපයක් පෝලිමේ ඉන්නත් ඕනෑ. ඉන්ධන මිල අඩුවීමත් සමඟ සියයට හතරක පමණ සහනයක් ජනතාවට ලබාදිය හැකි වුවත් එය කිරීමට නම් දිනපතා ඉන්ධන ලබාදිය යුතුය.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment