දිනය වෙලාව රහසක්: සජබ යළිත් කොළඹ උද්ඝෝෂණයක

410

සමගි ජන බලවේගය විසින් ඉදිරියේදී තවත් දැවැන්ත උද්ඝෝෂණයක් කොළඹදී පැවැත්වීමට තීරණයකර ඇත.

එම උද්ඝෝෂණය පවත්වන දිනය හෝ ස්ථානය පිළිබඳ තොරතුරු දැන්ම ප‍්‍රසිද්ධ නොකරන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

පක්ෂය පසුගිය 16 වැනිදා පැවැත්වූ උද්ඝෝෂණ පා ගමනට ආණ්ඩුව විසින් එල්ල කරන ලද බාධා සැලකිල්ලට ගනිමින් මීළඟ උද්ඝෝෂණය පවත්වන දිනය සහ ස්ථානය ගැන තොරතුරු කලින් හෙළි නොකරන බව ද එම මන්තී‍්‍රවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment