දිනුවත් පැරදුනත් “දිනුම්”

57

වසර හතරකට වරක් පැවැත්වෙන ජනප්‍රියතම ක්‍රීඩාවේ මහා සැණකෙළිය මේ දිනවල කටාර් දේශයේ පැවැත්වෙනවා. ඒ තමයි පාපන්දු ලෝක කුසලාන තරගාවලිය. ජනගහනයෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක් වසඟයට ගත් ක්‍රීඩා ඉසව්ව කුමක්ද කියලා ඇහුවොත් ඒ තමයි අවිවාදයෙන්ම පාපන්දු ක්‍රීඩාව.

දුප්පතාගේ ක්‍රීඩාව ලෙස ප්‍රසිද්ධියට පත් පාපන්දු ක්‍රීඩාව අද ලොව වැඩිම ධනයක් උපයන ක්‍රීඩාව බවට පත්ව තිබෙනවා. පාපන්දු ක්‍රීඩා නොකරන ලොව කිසිදු රටක් නැති තරම්.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය සත්කාරක කටාර් රාජ්‍යයේ ජාතික දිනය වන දෙසැම්බර් 18 වැනිදා පැවැත්වෙනවා.

(මේ ලිපිය පළ වන විට එහි මෙවර ජයග්‍රාහී කණ්ඩායම ආජන්ටිනාව ද ප්‍රංශය ද යන්න තීන්දු වී අවසන්).

ක්‍රීඩාව ඕනෑම ජාතියක් ගොඩනැගීමේ ප්‍රයත්නයක ප්‍රධාන සහ අත්‍යවශ්‍ය අංගයක්.

1996 ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය මොහොතේ සෑම ශ්‍රී ලාංකිකයෙක්ගේම හදවත තුළ තිබුණේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනවා දැකීමේ සිහිනය.

භේද භින්න වූ ජාතියක් එකට එක් කිරීමේ ප්‍රධානතම ඔසුව විදිහට ක්‍රීඩාව හඳුන්වා දෙන්නේ ඒ නිසයි.

මුහුදු මංකොල්ලකරුවන්ගෙන්, කුසගින්නෙන් ගෝත්‍රවාදයෙන්, ම්ලේච්ඡ ඝාතනවලින් පිරුණු සෝමාලියාවට මේ දිනවල පාපන්දු උන්මාදය එන්නත් කරන්න එක්තරා සුවිශේෂී පුද්ගලයෙක් උත්සාහ කරමින් ඉන්නවා.

සෝමාලියාවේ සාමය සහ සමගිය සඳහා වන දොරටුව පාපන්දු ය කියන තේමාව මුල් කරගෙන මොහොමඩ් කැන්ටූබෝ විශාල මෙහෙයුමක් දියත් කොට තිබෙනවා.

සෝමාලියාවේ මොගඩිෂු නුවර ප්‍රමුඛ බොහෝ ප්‍රදේශවල තාවකාලික ගෝල් කණු හදාගෙන හිස් ප්ලාස්ටික් වතුර බෝතල්වලින් පාපන්දු ක්‍රීඩා කරන තරුණයන්ගේ සුලබ දසුන දැන් දැන් දකින්නට ලැබෙනවා. සෝමාලියාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ඉන්නේ ලංකාවට වඩා පියවර තුනක් උඩින්. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ලංකාව 207. සෝමාලියාව 204. හැබැයි ඔවුන් දැවැන්ත සැලසුමක් තුළින් වේගයෙන් ඉදිරියට එමින් ඉන්නවා.

වෙඩි බෙහෙත් මුසු වූ දූවිලි සුළඟට වඩා ක්‍රීඩාව සමග එන චමත්කාරයට මුළු ලෝකයම ආදරේ කරනවා.

විටෙක අධිරාජ්‍යවාදීන්ගේ පාපන්දුවක් වන බ්‍රසීලය, ලෝක පාපන්දු ක්ෂේත්‍රය තුළ විප්ලවීය රටක්.

බ්‍රසීලයට ම අනන්‍ය වූ ජීවගුණයක් පාපන්දු ක්‍රීඩාව තුළ තිබෙනවා.

අධිරාජ්‍යවාදී සමයෙදි වතුවල සේවයට ගෙනා අප්‍රිකානු වහලුන් පලා ගොස් සැඟවෙනවා බ්‍රසීල වනාන්තර වල. ඔවුන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කරන්න යොදාගත්ත සටන් ක්‍රමය හඳුන්වන්නේ ජිංගා නමින්.

අධිරාජ්‍යවාදීන් ජිංගා සටන් කලාව තහනම් කරනවා. නමුත් කළු ජාතික වහල් විමුක්තිකාමීන් විසින් ජිංගා සටන් කලාව පාපන්දු ඉරියව් අතරට ගෙනෙනවා. පේලේ වගේ අසාමාන්‍ය ක්‍රීඩකයන් ගෝල් විදින මැෂින් බවට පත්වෙන්නේ ජිංගා වගේ කලාවන් නිසා.

පේලේ නමැති පුද්ගලයා ඉන්නවා. පේලේ නමැති ක්‍රීඩකයාත් ඉන්නවා. නමුත් පේලේ වගේ ක්‍රීඩා කිරීම යනු දෙවියන් වගේ ක්‍රීඩා කිරීම යි!”යැයි වරක් ප්‍රංශයේ ඵසජයැක ඡක්එසබස ප්‍රකාශ කළේ එය අසාමාන්‍ය දක්ෂතා නිසයි.

මෙවර ලෝක කුසලාන ශූරතාවයේ කිරුළට දෝත පාගෙන ඉන්න ආජන්ටිනාව කියන්නේ මේ වෙනකොටත් ලෝකෙ අතිශයින් අතිශයින්ම බංකොලොත් ආර්ථිකයකට හිමිකම් කියන රටක්. හැබැයි සතියකට වැඩි කාලයක් මුළුල්ලේ ලක්ෂ ගණන් ජනතාව වීදි බැහැල තමන්ගේ රටට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. ආජන්ටිනාව කියලා කියන්නේ ලෝක පාපන්දු ඉතිහාසයට පුරාවෘත්ත දෙකක් නිර්මාණය කළ රටක්. එක්කෙනෙක් දියෙගෝ මැරඩෝනා. අනිත් කෙනා ලියොනාල් මැසී. ලංකාව වගේම අදූරදර්ශී පාලකයන් නිසා බංකොලොත් වෙච්ච ආජන්ටිනාවේ අද එකම සිහිනය පාපන්දු.

පසුගිය ලෝක ශූරයන් බවට පත් වෙච්ච ප්‍රංශ කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් සරණාගතයන් විදිහට හැදිලා වැඩිලා ප්‍රංශයේ ප්‍රංශයේ පුරවැසිකම ලබාගත් අය. ඔවුන් එකට එකතු වෙලා තමන්ගෙ රට ජයග්‍රහණය කරා රැගෙන ගියා.

රටක්, ලෝකයක් චමත්කාරජනක බවට පත් කිරීමට ක්‍රීඩාව තරම් සමත් වෙන කිසිවක් ඇතැයි නොසිතන තරම්.

එයැ සෙරු අසඑය බැබිලෝනියන්, ඉන්වික්ටස්, ලගාන් වැනි චිත්‍රපට හරහා අධිරාජ්‍යවාදය, වර්ගවාදය වෙනුවට ක්‍රීඩාවේ චමත්කාරය ඉස්මතු කොට තිබෙනවා.

ලෝක යුද්ධය පැවැති කාලයේ එකිනෙකාට එරෙහිව යුද වැදුණු ජර්මානු හමුදාවේ සහ බි්‍රතාන්‍ය හමුදාවේ සෙබළුන් එක්ව 1914 නත්තල් දිනයේ සියලු සතුරුකම් නවතා පාපන්දු ක්‍රීඩාවේ නිරත වුණා.

සුදු කළු බෙහෙතෙන් පීඩාවිඳි අප්‍රිකාවේ එම තත්ත්වය තුනී කරන්නට මැන්ඩෙලා යොදාගත්තේය රග්බි.

ස්ප්‍රිංබොක් නමින් රග්බි පිලක් නිර්මාණය කොට ඔහු වර්ගවාදය තුරන් කිරීමට කටයුතු කළා. එය දිරිමත් කිරීම සඳහා මැන්ඩෙලා උපයෝගී කරගන්නේ බි්‍රතාන්‍ය ජාතික විලියම් අර්නස්ට් හෙන්ලි (1849-1903) ලියූ ඉන්වික්ටස් නම් කවිය. එහි අවසන් පද දෙක මෙසේය.

I am the Master of my fate

I am the Captain of my soul

මගේ ඉරණමේ ස්වාමියා මම වන්නෙමි

මගේ ආත්මයේ නියමුවා මම වන්නෙමි

ඇත්තටම, ක්‍රීඩාව කියන්නේ අපූරු චමත්කාරයක්. එය දිනුවත් දිනුම්. පැරදුනත් දිනුම්.

ඉම්තියාස් බාකිර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment