දිනේෂ්ගේ විජයග‍්‍රහණය ජාතිය ධෛර්යවත් කරන්නක් – අගමැතිගෙන් සුබපැතුම්

938

කොවිඞ් වසංගත තත්ත්වය නිසා මුහුණ පෑමට සිදු වූ අනේක විද බාධාවන් ද පරාජය කරමින් දිනේෂ් ප‍්‍රියන්ත හේරත් ක‍්‍රීඩකයා රටට දිනාදුන් මෙම විජයග‍්‍රහණය සමස්ත ජාතිය ධෛර්යවත් කරන්නක් යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම සුබපැතුම් පණිවුඩය මෙසේය.

 ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ හෙල්ල විසි කිරීමේ තරගයෙන් නව ලෝක වාර්තාවක් ද පිහිටුවමින් ශ‍්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් ප‍්‍රියන්ත හේරත් ක‍්‍රීඩකයාට උණුසුම් සුබ පැතුම් පිරිනමමි. බෙදුම්වාදයට එරෙහිව රට එක්සේසත් කරන සටනේදී සිය වගකීම නොපිරිහෙළා ඉටු කළ රණවිරු දිනේෂ් ප‍්‍රියන්ත 2016 ඔලිම්පික් උලෙළේදී ද අපේ මාතෘ භූමියට ලෝකඩ පදක්කමක් දිනා දීමට සමත් විය. ඒ අනුව අපේ රටට ඔලිම්පික් පදක්කම් දෙකක් දිනා දුන් එකම සහ පළමු ක‍්‍රීඩකයා දිනේෂ් ප‍්‍රියන්තය. කොවිඞ් වසංගත තත්ත්වය නිසා මුහුණ පෑමට සිදු වූ අනේක විද බාධාවන්ද පරාජය කරමින් ඔබ රටට දිනාදුන් මෙම විජයග‍්‍රහණය සමස්ත ජාතිය ධෛර්යවත් කරන්නකි. සෙසු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ද සිය උපරිම දක්ෂතා දක්වමින් අපේ සිංහ ධජය ඉහළටම ඔසවා තැබීමට මෙම ජයග‍්‍රහණය හේතුපාදක වේවායි පතමි.

advertistmentadvertistment
advertistmentadvertistment