දිනේෂ්ගේ සෙංකඩගල නුවරට

217

දැනෙනා තුරු මා, වැහි බිඳු වැටෙනවා නම්, වෙරළු මල් වැනි ජනප්‍රියත්වයට පත් ගීත නිර්මාණයන් එළිදැක්වූ නව පරපුරේ දක්ෂ ගායකයෙකු වන “දිනේෂ් ගමගේ” ගේ නවතම ගීත නිර්මාණය වන “සෙංකඩගල නුවරට” ගීතය අන්තර්ජාලයට මුදාහැර ඇත. “නුවර වැව රවුම පාදක කොට ගෙන නිර්මාණය කර ඇති මේ ගීතය බොහෝ ආදරවන්තයන් මුණ ගැසී සදාතනික ආදරයේ කිරුළු පැළඳුවා සේම පරාජිත ආදරවන්තයන් වේදනාවෙන් නික්මුණු අපූරු මතක සටහන්වල තෝතැන්නක් වූ “සෙංකඩගල නුවරට”  ආ ගිය අයට මතකාවර්ජනයට තිළිණයක් වනු ඇත. දිනේෂ් ගමගේ තනු නිර්මාණයෙන් ද මනුරංග විජේසේකර පද රචනයෙන් ද ගයාන් රැන්ඩි සහ දිනේෂ්  ගමගේ සංගීතයෙන් ද චමිල් පතිරණ රූප රචනයෙන් ද නිර්මාණය වූ මෙහි තරින්දි ප්‍රනාන්දු සමගින් රන්දික ගුණතිලක රංගනයෙන් දායකවී ඇත.

– පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment