දිනේෂ්ට සහ සමිතට පිරිනමන මුදල් ත්‍යාග ගැන තීරණය අද

222

ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ දී ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමක් දිනාගත් හෙල්ල විසිකිරිමේ ක‍්‍රීඩක දිනෙෂ් ප‍්‍රියන්ත හේරත් ක‍්‍රීඩකයාට සහ එම ක‍්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් කොඩිතුවක්කු යන ක‍්‍රීඩකයින්ට පිරිනමන මුදල් ත්‍යාග පිළිබඳව සාකච්ඡුා කිරිම සඳහා ජාතික ක‍්‍රීඩා සභාව අද 01වෙනිදා රැුස්වීමට නියමිතය.

ජාතික ක‍්‍රීඩා සභාවෙන් ඒ පිළිබඳ ලබාදෙන නිර්දේශ පදනම්ව දිනේෂ් ප‍්‍රියන්ත සහ සමිත දුලාන්ට අදාළ තෑගි මුදල් පිරිනැමීමට කටයුතු කරන බව ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා දිවයිනට පැවසීය.

දිනේෂ් ප‍්‍රියන්තට සහ සමිත දුලාන් ට අදාල ත්‍යාග මුදල් ඉක්මනින් ප‍්‍රදානය කිරීමට අදාළ කටයුතු කඩිනමින් සිදු සිදුකරන බවද හා තරුණ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.

පිළිගත් ජාත්‍යන්තර තරග ජයග‍්‍රහණය කරන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට රාජ්‍ය අනුග‍්‍රහයෙන් මුදල් ත්‍යාග ප‍්‍රදානය කිරීමේ පදනම මත ඔවුන්ට මෙම මුදල් පිරිනැමේ. විශේෂයෙන් දිනෙෂ් ප‍්‍රියන්ත දැක්වූ දක්ෂතා සුළුවෙන් තැකිය නොහැකි බවත් ඔවුන් ශ‍්‍රී ලංකාභිමානය ජාත්‍යන්තරයට රැුගෙන ගිය විශිෂ්ට තරග කරුවන් බවත් ඔවුන්ගේ දක්ෂතා හැකි ඉහළින් අගය ඉස කිරීමට අමාත්‍යංශය සූදානම් බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

දිනෙෂ් ප‍්‍රියන්ත සහ සමිත දුලාන් ඇතුළු ශ‍්‍රී ලංකා පැරාලිම්පික් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අනිද්දා (03 වෙනිදා* අලූයම කටුනායක ගුවන් තොටුපළින් ශ‍්‍රී ලංකාව ළඟාවීමට නියමිතය.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment