දිනේෂ් ගේ කොරෝනා කාලේ ආලේ

250

මේ කපුකම කළේ මේරියන්ස් නලීන්

දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙකු ලෙසත්, තවත් වරෙක වාදකයකු ලෙසත් ඉන් නොනැවතී ගායකයෙකු ලෙසත් ලාංකේය සංගීත කලාවේ අස්සක් මුල්ලක් නෑර කරක් ගැසූ දිනේෂ් සුබසිංහ සොඳුරු කලාකරුවෙකි .තවත් ලෙසකින් පවසනවානම් ඔහු දක්ෂතාවලින් පරිපූර්ණ සංගීතවේදියෙකි.ලංකාවේ සංගීත කලාවේ සුබ සලකුණ ලෙස ඇතැමුන් දිනේෂ්ව හඳුන්වන්නේ ඔහු එතරම්ම සංගීතය හා ආත්මීයව බද්ධවෙමින් අපූරු රටා මවන්නෙකු නිසාය. ශ‍්‍රී ලාංකේය සංගීත ක්ෂේත‍්‍රයේ නොමැකෙන සලකුණක් සනිටුහන් කළ දිනේෂ් සුබසිංහ, පසුගිය එකොළොස් වන දා දුලානි පෙරේරා සමඟින් විවාහ දිවියට ඇතුළත් විය.

වසර පහළොවකටත් වැඩි සේවා අත්දැකීම් සමඟ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ සුපවයිසර්වරියක ලෙස දුලානි සේවය කරයි.ඇය කලාවත් ,තමාවත් හොඳින් අවබෝධ කරගත හැකි කාන්තාවක් නිසා ඇයත් සමඟ විවාහ වීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකන බව අපත් සමඟ පැවැසීය.

”මං ජීවිත කාලේ වැඩිපුරම ගෙවලා තියෙන්නේ සංගීතයත් එක්ක. ඒ නිසා විවාහය ගැන තීරණයක් ගන්න මම ඉක්මන් වුණේ නෑ. මට ඕන වුණේ මාව හොඳින් තේරුම් ගත්ත සහකාරියක්. දුලානිව මට මුණ ගැහෙන්නෙත් සංගීතය නිසා. ඇය මාව හොඳින් තේරුම් අරන් මගේ ගමනට ශක්තියක් වෙනවා.”

”අපි දෙන්නා එකතු කරන්න කපුකම් කරපු දෙන්නෙක් හිටියා .මේරියන්ස් නලින් පෙරේරා අයියා තමයි ප‍්‍රධානියා . අනෙක් කෙනා කැලූම් ශ‍්‍රීමාල් අයියා. මේරියන්ස් කණ්ඩායම වොලීබැස්ටියන් ප‍්‍රසංගය කරද්දි මාවත් සහභාගි කරගන්නවා.එහි ප‍්‍රථම ප‍්‍රසංගය පටන් ගත්තේ,ඊඵෂක්‍්‍ය එකේදි .ප‍්‍රසංගය අතරතුර නලින් අයියයි කැලූම් අයියයි මගේ දක්ෂතා ගැන වර්ණනා කළා. ඊට පස්සේ මීගමුවේත් ප‍්‍රසංගයක් තිබුණා. මම ඒකටත් සහභාගි වුණා. ඊට මාසෙකට විතර පස්සේ මේරියන්ස්ලා එක්ක නවසීලන්ත ප‍්‍රසංගයකට සහභාගි වෙලා ඉන්න අවස්ථාවක මීගමුවේ ප‍්‍රසංගයට පැමිණුන කෙනෙකුගෙන් ෆෙස් බුක් හරහා මට පණිවිඩයක් ආවා. එතැනදී මගේ දක්ෂතා අගය කරලා තිබුණා. ඒ මැසේජ් එක එව්වේ දුලානි. 2020 මාර්තු පළවැනිදා මැසෙන්ජර් හරහා මට පණිවිඩයක් එව්ව ඇය තමයි අද මගේ බිරිඳ වුණේ.මේක කොරෝනා කාලයේ ආලයක්” ලෙසින් දුලානි මුණ ගැසීම සම්බන්ධයෙන් දිනේෂ් මිහිරි මතක රැුසක් සිහිපත් කළේය.

දිනේෂ් ගේ කොරෝනා කාලේ ආලේ



ඔවුන්ගේ විවාහය වෙනුවෙන් සුබ පැතූ කලා ලෝකයේ සියලූ දෙනාටත්, විවාහ මංගල උත්සවය සාර්ථක කර ගැනීම සඳහා විවිධ අංශ වලින් සහයෝගය දැක්වූ සියලූ දෙනාටත් ස්තුති කිරීමට ද ඔවුන් අමතක කළේ නැත. විවාහයෙන් පසු නැවතත් සුපුරුදු ලෙස සංගීත කටයුතුවල නිරත වන දිනේෂ් මේ දිනවල තත් වාද්‍ය භාණ්ඩ ඉතිහාසය සම්බන්ධයෙන් නව ග‍්‍රන්ථයක් රචනා කරමින් සිටියි.සිංහල ,දෙමළ, ඉංග‍්‍රීසී භාෂා ත‍්‍රිත්වයෙන්ම මෙම කෘතිය එළිදැක්වීමට බලාපොරොත්තු වන බවත් එමඟින් සංගීත ක්ෂේත‍්‍රයට පිවිසෙන නවකයින් සඳහා බොහෝ දේ ඉගෙන ගත හැකි බවත් දිනේෂ් අපත් සමඟින් පැවැසීය.

එමෙන්ම ටීචර් අම්මා ටෙලිනාට්‍යයේ මෙන්ම ජාතික රූපවාහිනියේ විකාශය වන බයිලා සාදය වැඩ සටහනේ සංගීත කටයුතු වෙනුවෙන්ද මේ දිනවල කාලය වෙන් කර ඇති මොහු ඉදිරියේදී තවත් නිර්මාණ කිහිපයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවද අපත් සමඟ පැවසුවේය.

මේ වන විට ටෙලිනාට්‍ය 90කට සංගීත අධක්ෂණයෙන් සම්බන්ධ වී ඇති දිනේෂ් ඊට අමතරව ශිල්පියෙක් ලෙසින් ටෙලිනාට්‍ය 152කට සම්බන්ධ වී කටයුතු කර තිබේ. සම්මානලාභී හෝගානා පොකුණ ඇතුළු චිත‍්‍රපට 16ක සංගීත අධ්‍යක්ෂණය කර ඇති අතර ටෙලිනාට්‍ය ගණනකට සංගීතය සැපයූ ලංකාවේ ලාබාලම සංගීත අධ්‍යක්ෂවරයා ද වේ.


සංචාරක හෝටල්වල සහ රාත‍්‍රි සමාජ ශාලාවල කැලිප්සෝ වාදන ශිල්පියෙක් ලෙස කටයුතු කළ දිනේෂ් සංගීතය පිළිබඳව හැදෑරීමට තිඹූ දැඩි උනන්දුව නිසා ස්ටැන්ලි පීරිස් සහ කේමදාස ශූරීන් යටතේ සංගීතය හදාරා එයින් ලද පන්නරයෙන් ඞී.ආර්.සී. මෙම්බර්ස් සංගීත කණ්ඩායම ආරම්භ කළේය. පසුව ඒ.ආර්. රහුමාන් යටතේ වැඩිදුරටත් සංගීතය හැදෑරීමට අවස්ථාව හිමි වීම ඔහුගේ සංගීත ජීවිතයට සුවිශේෂී අවස්ථාව කි.



නිරෝෂා වාසල

ඡායාරූප – ධනුෂ්ක සේනාධීර

advertistmentadvertistment
advertistmentadvertistment