දිනේෂ් ප්‍රියන්ත රන් දිනයි

841

මෙවර පැරාම්පික් ක්‍රීඩා උළලේදී නව ලෝක වාර්තාවක් ද තබමින් ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත්වී ඇත.

එෆ්46 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දිනේෂ් ප්‍රියන්ත හේරත් විසින් එම නව ලෝක වාර්තාව තබා ඇති අතර ඔහුගේ නව වාර්තාව මීටර් 67.79ක් ලෙස සටහන් වෙයි.

අද උදෑසන පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව ආරම්භ වු අතර එහිදී එම කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමේ නායක දිනේෂ් ප්‍රියන්ත හේරත් සහභාගී වූ අතර එහිදී ඔහුගේ පළමු අවස්ථාවේදී මීටර 62.58ක දක්ෂතාවයක් දැක්වු අතර දෙවන විසිකිරීමේදී මීටර 62.19ක දක්ෂතාවයක් දැක්වීමට සමත්ව තිබේ.

අනතුරුව දිනේෂ් සිය තුන්වන විසිකිරීමේදී මීටර 67.79ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිවනු ලැබීය. මීට පෙර මෙම ඉසව්වේ ලෝක වාර්තාව සටහන් වූයේ මීටර් 63.79ක්ය.

මෙහිදී දිනේෂ් ප්‍රියන්ත එම ඉසව්වේ රන් පදක්කම ද දිනාගත් අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ දිනා ගත් ප්‍රථම පැරාලිම්පික් රන් පදක්කම මෙය වීම ද විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment