දිනේෂ් සහ සමිතට ජපානයෙන් නවීන මෝටර් රථ දෙකක්

372

2020 ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ පදක්කම් ජයග‍්‍රහණය කරමින් ලක් මවට කීර්තියක් දිනා දුන් මලල ක‍්‍රීඩකයන් වන දිනේෂ් ප‍්‍රියන්ත සහ සමිත දුලාන් හට ශ‍්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය විසින් නවීන මෝටර් රථ දෙකක් පිරිනමා ඇත.

 ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා හා ජපානයේ ජීවත්වන ශ‍්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් පෙරේදා 06 වැනිදා උදෑසන ජාතික පැරාලිම්පික් කණ්ඩායම ජපානයෙන් පිටත්වන අවස්ථාවට ගුවන්තොටුපළට පැමිණ ක‍්‍රීඩකයන් හට සුබපැතුම් එක් කළේය.

 තානාපති සංජීව් ගුණසේකර මහතා විසින් ප‍්‍රකාශ කළේ රන් පදක්කම් ලාභී දිනේෂ් ප‍්‍රියන්ත හා ලෝකඩ පදක්කම් ලාභී සමිත දුලාන් යන ක‍්‍රීඩකයන් අපේ පුංචි රටට විශාල කීර්තියක් අත් කර දුන් බවත් ඉදිරියේදී තරග කරන ක‍්‍රීඩකයන්ට දිරිගැන්වීමක් වන ආකාරයටත් මෙම ක‍්‍රීඩකයන් දෙදෙනාගේ දක්ෂතා  ඇගයීම පිණිසත් නවීන මොටර් රථ දෙකක් පරිත්‍යාග කරන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment