දිනේෂ් සහ සමිත ඔස්‌ට්‍රේලියාවේදී රන් දිනති

101

ඔස්‌ට්‍රේලියානු විවෘත පැරා ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ දී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම් දෙකක් දිනා ගන්නට දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ සමිත දුලාන් සමත් වූහ.

ත්‍ 44 තරඟ ඉසව්ව නියෝජනය කළ සමිත දුලාන් මීටර් 64.22 ක දක්ෂතාවයක් පෙන්නුම් කළේය.

ත්‍ 46 ඉසව්වට ක්‍රීඩාකළ දිනේෂ් ප්‍රියන්ත හේරත් මීටර 63.18 ක් දක්ෂතාවක් පෙන්නුම් කළේය. ඔවුන් දෙදෙනාම මේ වාර්තා කළේ ඔවුන්ගේ මෙවර තරග වාරය තුළ හොඳම දක්ෂතාවන් විය.

දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ සමිත දුලාන් පැරා ඔලිම්පික් පදක්කම් ලාභී ක්‍රීඩකයෝ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment