දින තුනක් තිස්සේ නිවසින් අතුරුදන්ව සිටි අයගේ මළ සිරුර තේවත්තක

92

දින තුනක් නිවසින් අතුරුන්ව සිටි බදුල්ල රිල්පොල මැදගම පන්සල්වත්ත පදිංචි 58 හැවිරිදි අබේසිංහ මුදියන්සේලාගේ දයානන්ද නැමැති අයගේ මළ සිරුර ඉකුත් මාර්තු 2 දින පෙ.ව. 10.00 පමණ සොයා ගත් බව බදුල්ල පොලිසිය පැවැසීය.

මරණයට හේතුව අභිරහසක් බව මිය ගිය අයගේ ඥාතීන් පොලීසියට පවසා සිටිති. ඔවුන් පවසන්නේ පසුගිය 27 දින දවල් කාලයේ තවත් දෙදෙනෙක් සමග ඔහු නිවසින් ගිය බවයි. මළ සිරුර නිවසේ සිට කි.මී. 7 ක් පමණ නුදුරින් පිහිටි තේ වත්තක් කෙළවර පාළු බිමක තිබියදී තේ දලු නෙළීමට පැමිණි කාන්තාවක් දැක වත්තේ හිමිකරුට දන්වා ඇත. බදුල්ල මහෙස්ත්‍රාත්වරයා මෙදින ස්ථානීය පරීක්ෂාවක් කොට පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කරන ලදී.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment