දින තුනක් පෝළිමේ සිටි ජනතාව නුවර – මහියංගණය පාර වසති – ඉන්ධන නැතිව මහියංගණය උණුසුම්

179

දින තුනක් තිස්සේ ඉන්ධන සඳහා පෝලිම්වල රැඳී සිටි මහියංගණ ජනතාව සඳහා රජය පොරොන්දු වූ ලෙසට පෙරේදා (21 දා) රාත්‍රී ඉන්ධන නොලැබීම හේතුවෙන්, නුවර – මහියංගණ මාර්ගය මහවැලි පාලම අසලින් ඊයේ (22 දා) අළුයම 4.30 සිට හරස් කරමින් විශාල පිරිසක් එක්ව දැවැන්ත විරෝධතාවක නියැලිණි.

දින තුනක් පෝළිමේ සිටි ජනතාව නුවර - මහියංගණය පාර වසති - ඉන්ධන නැතිව මහියංගණය උණුසුම්

ඉන්ධන පෝලිමේ සිටි ජනතාව උදෑසන නගරය මැද ළිප් ගල් බැඳ තේ පිළියෙල කර ජනතාව සඳහා තේ පැන් සංග්‍රහයක්ද ලබාදී තිබූ බව දක්නට ලැබිණි. පෙරේදා සිටම තෙල් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මහා සංඝරත්නය සහ කිරිකැටි දරුවන් සමග දෙමාපියන්ද රැය පහන් කළහ.

විරෝධතාවයෙන් මහනුවර – මහියංගණ මාර්ගයේ

ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිටිණි. මේ හේතුවෙන් මාර්ගයේ විවිධ වූ රාජකාරි සඳහා ගමන් කළ පිරිස් හා විරෝධතාකරුවන් අතර ඉතා උණුසුම් වචන හුවමාරු හා උණුසුම් තත්ත්වයන්ද ඇති විය.

මහියංගණ සහකාර පොලිස් අධිකාරී පී. ඩබ්ලිව්. එස්. බී. පලිපාන හා මහියංගණ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඩබ්ලිව්. සී. රොහාන් විජේරත්න මහතා පැමිණ විරෝධතාකරුවන් අතර සාකච්ඡාවක් පවත්වා දහවල් 01 සිට තෙල් ලබාදෙන බවට පොරොන්දු වීමත් සමඟ උදෑසන 07.30 ට පමණ විරෝධතාව අවසන් කෙරිණි.

මහියංගණ – රංජිත් කරුණාවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment