දින තුනක් යන තෙක් තෙල් පෝළිම්වලට එන්න එපා – බලශක්ති ඇමැති ජනතාවගෙන් ඉල්ලයි

124

ඉන්ධන ලබා ගැනීම සඳහා ඊයේ (16 දා) දින තුනක් ගතවන තෙක් පෝළිම්වල රැඳී නොසිටින ලෙස බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේම ඊයේ සිට දින තුනක් යනතෙක් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීමෙන් වළකින ලෙසද ඇමැතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ (ඉල්ලීමක් කර ඇත.

ඉන්දීය ණය යටතේ ඩීසල් මෙටි්‍රක් ටොන් 38,000 ක් රැගත් නැවක් පෙරේදා (15 දා) මෙරටට පැමිණි අතර ඉන්දියන් ණය ආධාර යටතේ තවත් ඩීසල් නැවක් මැයි 19 වැනිදා පැමිණීමට නියමිතය.

රටේ අවශ්‍යතාවයට ඩීසල් ප්‍රමාණවත්ව පැවතියද පෙට්‍රල්වල දැඩි හිඟයක් පවතී. සංස්ථාව සතු පෙට්‍රල් තොග ඉල්ලුමට සරිලන ලෙස නොමැති නිසා සීමාකර ෂෙඩ් 100 කට පමණ ඊයේ සිට බෙදාහැරීමට සැලසුම් කර තිබූ බව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග පැවසීය.

ඒ ආකාරයෙන් පෙට්‍රල් සීමාකර බෙදාහැරීමට කටයුතු කරන අතරේම මෙරටට පැමිණ තිබෙන බොරතෙල්, පෙට්‍රල් සහ කළුතෙල් නැව් මිලදී ගැනීම සඳහා ඩොලර් සපයා ගැනීමට තෙල් සංස්ථා බලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කර තිබුණි. මින් පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 37,500 ක් රැගත් නැව ඉකුත් මාර්තු මාසයේ පැමිණ ඇතැයිද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

මේ අතර ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති ඒ එම්. එච්. අධිකාරී මහතා කියා සිටියේ ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලැබී තිබෙන ඩීසල් තොග කොළොන්නාව අංගනයට පමණක් ගොඩබා ඇති බවත් ඒ අනුව ඩීසල් ලබාගැනීම සඳහා බවුසර් රථද පෝළිමක් ගැසී ඇති බවත්ය. වෙනත් දිනවල කොළොන්නාව සහ මුතුරාජවෙල අංගනයන් වෙත ඉන්ධන ගොඩබෑම සිදු කළත් මුහුද රළුවීම නිසා ඩීසල් තොග මුතුරාජවෙලට ගොඩබෑමට නොහැකිවී ඇති බව පැවසේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment