දින තුනක් වයසැති කිඹුල් පැටව් දෙදෙනෙක් වැලි ලොරියක එති

838

තොප්පිගල සිට මහනුවරට වැලි රැගෙන පැමිණි ලොරි රථයක සිටි දින තුනක් පමණ වයසැති කිඹුල් පැටවුන් දෙදෙනකු මහනුවර නගර සභාවේ නිලධාරීන් පිරිසක මැදිහත්ව දුනුමඩලාව වැවට මුදාහැර තිබේ. මහනුවර කුඩාරත්වත්ත පාරේ පවත්වාගෙන යනු ලබන ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවි ස්ථානයකට තොප්පිගල සිට මෙම වැලි තොගය රැගෙන විත් බාන විට වැලි අතර සැඟව සිටි කිඹුල් පැටවුන් දෙදෙනා හමුවූ බව එහි රියදුරු පැවසුවේය. ලොරි රථයට වැලි පටවන අවස්ථාවේ කිඹුල් බිත්තර විශාල සංඛ්‍යාවක් හමුවූ බවත් ඒවා ඉවත්කර වැලි පටවන අවස්ථාවේ කිඹුල් පැටවුන් දෙදෙනා බිත්තර වලින් පිටතට පැමිණ වැලි අතර සැඟවෙන්නට ඇතැයි විශ්වාස කරන බවත් ඔහු කිවේය.

advertistmentadvertistment
advertistmentadvertistment