දින තුනක මහ වැසි වවුනියාව කිළිනොච්චිය සහ මුලතිව් ජනතාව පීඩාවට පත්කරලා

62

දින තුනක් තිස්සේ උතුරු පළාතට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වවුනියාව, කිළිනොච්චිය හා මුලතිව් යන පළාත්වල පවුල් 2356 ක් විපතට පත්ව තිබේ.

එම දිස්ත‍්‍රික්කවල ජනතාව මෙම නොවැම්බර් මාසයට වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් වූ තුන් වන අවස්ථාව මෙයයි. අධික වර්ෂාව හේතුවෙන් වැසි ජලය නිවෙස් තුළට ගලා ඒම නිසා එම නිවාසවල ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. වර්ෂාව හේතුවෙන් වවුනියාව නෙඩුන්කේණී මාර්ගය ඇතුළු තවත් මාර්ග ගණනාවක්ම ජලයෙන් යට වී ගමනාගමන කටයුතුවලට බාධාවන් එල්ල වීමෙන් පාසල් ගොඩනැගිලි ජලයෙන් යටවීම නිසා කිළිනොච්චිය හා නෙඩුන්කේණී ප‍්‍රදේශවල පාසල් පවත්වා ගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

වර්ෂාවට හසු වූ අලූතින් වී ඉසින ලද කුඹුරුවල වී, වැසි ජලයට හසු වී ගසා ගෙන යෑම නිසා මේ පළාත්වල වැසියන්ට යළිත් එම කුඹුරු වගා කිරීමට සිදුව තිබේ.

උතුරු පළාතට ඇද හැලෙන වර්ෂාව මේ දක්වා අඩු වී නොමැත. අධික වර්ෂාව හා සුළඟ නිසා උතුරේ ධීවර කටයුතු දින හතරක් තිස්සේ මුළුමනින්ම පාහේ නතර වී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment