දින දෙකකට ජයිෂංකර් එයි

55

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය එස්. ජයිෂංකර් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (19 දා) සවස දිවයිනට පැමිණියේය. ඒ මහතා සමග එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු සිව්දෙනෙක් ද පැමිණ සිටිති. මෙම පිරිස මාලදිවයින සංචාරයක් නිමා කර මෙසේ ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුහු ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ සවස 02.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment