දින දෙකකදී  කොවිඩ් මරණ 8 ක්

80

කොවිඩ් 19 ආසාදනය වීමෙන් පසුගිය සිකුරාදා (26 වැනිදා) සහ පෙරේදා (27 වැනිදා) දින දෙකේදී මරණ 8 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව 26 වැනිදා කොවිඩ් මරණ 6 ක්ද, 27 වැනිදා කොවිඩ් මණ 2 ක්ද වාර්තා වී ඇත.

27 දා දිනයේදී මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 ට වැඩි පිරිමි පුද්ගලයන් දෙදෙනකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 16,682 දක්වා ඉහළ නැග තිබේ. නව ආසාදිතයන් සමඟ මේවනවිට මෙරටින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 6,69,693 දක්වා ඉහළ නැග ඇත.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment