දින දෙකක් අතුරුදහන්ව සිටි ධීවරයා මහ මුහුදේ පීනා මන්නාරම් වෙරළට පැමිණෙයි

374

දිනසේන රතුගමගේ

දින දෙකක් තිස්සේ අතුරුදහන්ව සිටි ධීවරයෙකු කිලෝ මීටර් 30 ක් පමණ දුරක් මහ මුහුදේ පීනාගෙන පසුගිය(12)දා සවස මන්නාරම මුහුදු වෙරළට පැමිණ තිබේ.

දින දෙකක් තිස්සේ පීනාගෙන පැමිණ ඇති මෙම ධීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම නිසා ඔහුව මන්නාරම රෝහලට ඇතුලත් කොට තිබේ.

කල්පිටියේ පදිංචි ඩිලාන් කොස්තා නැමති මෙම ධීවරයා සමග තවත් ධීවරයින් දෙදෙනෙකු 10 වෙනිදා මුහුදු ගොස් සිටියදී බෝට්ටුව අබලන් වීම නිසා ඔවුන් මුහුදට වැටී ඇති අතර ඉන් දෙදෙනෙකු මුලින්ම මන්නාරම මුහුදු වෙරළට අබලන් වූ බෝට්ටුවෙන් පැමිණ ඇතත් මේ ධීවරයා දින දෙකක් තිස්සේම අතුරුදහන් වී සිටියේය. පීනාගෙන පැමිණ දිවි ගලවා ගත් ධීවරයා මන්නාරම රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.

advertistmentadvertistment
advertistmentadvertistment