දින දෙකකින් ගෑස් වෙළෙඳපොළට

261

ගෑස් කාන්දුවක් හඳුනාගැනීමට එක්කරන දුගඳ සහිත රසායන සංයෝගය එක්කර නැවත ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කිරීමට දින දෙකක් පමණ ගතවනු ඇතැයි පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

ගෑස් කාන්දුවක් හඳුනා ගැනෙන එතිල් මර්කැප්ටන් නමැති රසායන සංයෝගය ප‍්‍රමිතියකට නොතිබීම හේතුවෙන් ගෑස් සිලින්ඩර් බෙදාහැරීම හා අලෙවිය අත්හිටවන ලෙස රාජ්‍ය ඇමැතිවරයා විසින් සමාගම්වලට නියෝගකර තිබුණි. ඒ අනුව ලිට්‍රෝ ගෑස් සමාගම පෙරේදා (03 දා) සිට ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කිරීම අත්හිටුවා තිබුණි.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment