දින පහකදී කොවිඩ් මරණ 9 ක්  

145

ගතවූ දින 5ක කාලයේදී කොවිඩ් මරණ 9ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට ඊයේ (22දා) පැවසීය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දාසයදහස් පන්සිය තිස්හතකි.

එසේම මෙරටින් මේ දක්වා කොවිඩ් ආසාදිතයන් හයලක්‍ෂ හැටහතර දහස් හයසිය හතළිස් හත්දෙනකු හඳුනාගෙන ඇතැයි ද ඔහු සඳහන් කර සිටියේය.

මේ වනවිට රෝහල්ගතව හෝ නිවෙස්වල වෛi අධීක්‍ෂණය යටතේ 650 දෙනකු පමණ ප්‍රතිකාර ලබන බවද හෙතෙම සඳහන් කළේය. හයලක්‍ෂ හතළිස්හත්දහස් හාරසිය හැටහය දෙනකු මේ වනවිට පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් ඇතැයි ද ඔහු කීවේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment